Saturday, April 19, 2025
Home » ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

by chanaka
April 8, 2025 1:03 pm 0 comment

කටුනායක ටී.කේ.ජී.කපිල

ඕස්ට්‍රේලියාවේ පැවති 2025 ආසියා -පැසිෆික් සවි එසවීමේ තරගාවලියේදී රන් පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

මෙම තරගාවලිය ආසියා – ෆැසිපික් කළාපයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කගේ පමණ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පැවැත්වුණි.

එහිදී කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග කළ රන්සිළු ජයතිලක, කිලෝ ග්‍රෑම් 105 බර පංතිය යටතේ තරග කළ විකුම් පෙරේරා සහ කිලෝ ග්‍රෑම් 94 කනිෂ්ඨ අංශයෙන් තරග කළ මිනුර ගිම්හාන , එම අංශ වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණි.

මීට අමතරව කිලෝ ග්‍රෑම් 94 ජ්‍යෙෂ්ඨ අංශය යටතේ තරග කළ මිනුර ගිම්හාන එම අංශයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තේය.

එසේම මෙම තරගාවලියට දැනට ඕස්ට්‍රේලියාවේ පදිංච් වී සිටින ශ්‍රී ලාංකික සවි එසවීමේ ක්‍රීඩක යුවළක් වන රුවන් පෝල් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී තිබුණි.

එහිදී වයස අවුරුදු 50 ට වැඩි කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ රුවන් පෝල් සහ කිලෝ ග්‍රෑම් 100 බර පංතිය යටතේ වයස අවුරුදු 50 ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ ලීඩියා පෝල් ද, එම අංශ වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත්විය.

රන්සිළු ජයතිලක, විකුම් පෙරේරා සහ මිනුර ගිම්හාන ක්‍රීඩකයින් ඊයේ (07) රාත්‍රී 10.15 ට, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT