Home » ට්‍රම්ප්ගෙන් චීනයට තර්ජනයක්

ට්‍රම්ප්ගෙන් චීනයට තර්ජනයක්

by chanaka
April 8, 2025 10:08 am 0 comment

චීනය විසින් ප්‍රති බදු පැනවීම ඉවත් කර නොගන්නේ නම් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක අතිරේක බදු පනවන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පනවනු ලැබූ බදු හේතුවෙන් ඊයේ ගෝලීය වෙළෙඳපොළවල් තුන්වන දිනටත් කඩා වැටුණි.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ කියා සිටියේ, තීරුබදු විරාමයක් පිළිබඳ සලකා නොබලන බවයි. අද වන විට චීනය සිය ප්‍රති-තීරුබදු සැලසුම් ඉල්ලා අස්කර නොගන්නේ නම්, චීන භාණ්ඩ සඳහා සියයට 50 ක තීරුබදු පැනවීමේ තර්ජනය ට්‍රම්ප් නැවත අවධාරණය කළේය.

මෙසේ බදු පැනවුවහොත්, චීනයෙන් ඇතැම් භාණ්ඩ ගෙන එන එක්සත් ජනපද සමාගම්වලට සියයට 104 ක බද්දකට මුහුණ දීමට සිදුවනු ඇති. ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සටහනක ට්‍රම්ප් මේ බව කියා සිටියේය.

එක්සත් ජනපදය සහ චීනය අතර උත්සන්න වන ආතතිය ගෝලීය වෙළෙඳ යුද්ධයක් පිළිබඳ බිය වැඩි කර ඇති බව විශ්ලේෂකයින් අනතුරු අඟවයි.

ට්‍රම්ප් සෑම ආර්ථිකයකින්ම පාහේ ආනයන සඳහා නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලොව පුරා වෙළෙඳපොළවල් පහත වැටී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT