87
ගහ කොළ මලින් හා ඵලින් බර වී වසන්ත සමය උදාවීමත් සමඟ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය කාටත් සිරි අසිරිය ගෙනෙයි. අතමිට සරු වීම වෙනදාට වැඩිය. මෙවර කොග්ගල මුහුදු තීරයේ රිටිපන්න ධීවරයන්ට සතුට වාසනාව ගෙන දෙන කාලයක් බව පවසයි. මුහුදු රළ චණ්ඩ නොවීම හේතුවෙන් ලොකු කුඩා මසුන් වෙරළ තීරයට ඇදී එන ප්රමාණය ද මේ වන විට වැඩි වී ඇත. මේ රිටිපන්න ධීවරයන් ඒ ඇදී එන මාළුන් ඔවුන්ගේ බිළීපිත්තට හසුකර ගනිමින් කාසි ගෙන එන්නට දඟලන වෑයම අප ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.