Monday, April 7, 2025
Home » දිල්ලිය අප­රා­ජි­තයි

දිල්ලිය අප­රා­ජි­තයි

by damith
April 7, 2025 4:05 pm 0 comment

ලෝකේෂ් රාහුල්

මෙවර අයි­පී­එල් තර­ගා­ව­ලියේ තරග 18ක් නිමා වන විට එකම අප­රා­ජිත කණ්ඩා­යම බවට පත්වී­මට දිල්ලි කැපි­ටල්ස් පිල සමත්ව සිටියි.

පෙරේදා පැවති තර­ගා­ව­ලියේ 17 වැනි තර­ග­යේදී චෙන්නායි පිල ලකුණු 25කින් පරා­ජය කර­මින් අඛ­ණ්ඩව තෙවැනි ජය වාර්තා කිරී­මට දිල්ලි පිල සමත් වූයේ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගනි­මිනි. චෙන්නා­යි­හිදී පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් දිල්ලි පිල දුන් ලකුණු 184ක ඉල­ක්කය හමුවේ චෙන්නායි පිලට ඕවර 20 අව­සා­නයේ කඩුලු 5ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 158ක් පමණි.

විජය ශංකර් නොදැවී ලකුණු 69ක් හ මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 30ක් රැස් කළ ද කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කරා ගෙන යෑමට ප්‍රමා­ණ­වත් නොවීය. පන්දු යැවී­මේදී විප්‍රජ් නිගම් කඩුලු 2ක් දවා ගත්තේය. දිල්ලි පිල වෙනු­වෙන් විශිෂ්ට ඉනි­මක් ක්‍රීඩා කළ ලෝකේෂ් රාහුල් පන්දු 51කින් ලකුණු 77ක් රැස් කළ අතර, අභි­ෂේක් පොරෙල් ලකුණු 33ක් ඉනි­මට එක් කළහ. පන්දු යැවී­මේදී කලීල් අහ­මඩ් කඩුලු 2ක් දවා­ගත් අතර, මතීෂ පති­ර­ණට දවා­ගත හැකි වූයේ කඩු­ල්ලක් පමණි.

රාජ­ස්ථාන් දෙවැනි ජය ලබයි

මේ අතර මෙවර තර­ගා­ව­ලියේ සිය දෙවැනි ජය වාර්තා කිරී­මට වනිඳු හස­රංග සහ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන රාජ­ස්ථාන් රෝයල්ස් පිල පෙරේදා රාත්‍රියේ සමත් විය.

තර­ගා­ව­ලියේ මුල් තරග දෙක පරා­ජය වූ රාජ­ස්ථාන් පිල පිට පිට අත්ක­ර­ගත් දෙවැනි ජය මෙය වන අතර, පන්ජාබ් පිලේ පළමු පරා­ජ­යයි.

මුල්ලා­න්පූ­ර්හිදී පැවති තර­ගා­ව­ලියේ 18 වැනි තර­ග­යේදී රාජ­ස්ථාන් පිල පළ­මුව පන්දු­වට පහර දෙමින් ලකුණු 205ක් රැස් කළ අතර, පිළි­තුරු ලෙස පන්ජාබ් පිලට ඕවර 20 අව­සා­නයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 155ක් පමණි.

නෙහාල් වධේරා ලකුණු 62ක් රැස් කර­මින් පන්ජාබ් පිල ජය­ග්‍ර­හ­ණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද එය අසා­ර්ථක විය. පන්දු යැවී­මේදී ජොෆ්රා ආචර් කඩුලු 3ක්, සන්දීප් ශර්මා සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා­ගත් අතර, වනිඳු හස­රං­ගට දවා­ගත හැකි වූයේ කඩු­ල්ලක් පමණි.

යශස්වි ජයි­ස්වාල් ලකුණු 67ක් රැස් කර­මින් රාජ­ස්ථාන් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, රියාන් පරාග් නොදැවී ලකුණු 43ක් සහ සංජු සැම්සන් ලකුණු 38ක් ඉනි­මට එක් කළහ.

පන්දු යැවී­මේදී ලොකී ෆර්ග­සන් කඩුලු 2ක් දවා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT