මෙරට ප්‍රධාන පෙළේ කතෝලික පාසල් දෙකක් වන මරදාන සාන්ත ජෝසප් සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල් අතර 91 වැනි වරට පැවති ‘සාන්තුවරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. තරග 22ක් විසඳුමක් සහිතව නිමාවී ඇති මේ තරගය මෙවර ඉතිහාසයට එක්වූයේ ජය පරාජයෙන් තොරව නිමාවූ 69 වැනි තරගය ලෙසිනි.
ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී අනුග්රහයෙන් මොරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලාන වෙනුවෙන් එස්එස්සී පිටියේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත පීතරයෝ පළමු ඉනිමට ලකුණු 243ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සාන්ත ජෝසප් පිල කඩුලු 7කට ලකුණු 240ක් රැස් කළේය. සාන්ත පීතර පිල දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 168ක් රැස් කළ අතර, ලකුණු 171ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය සාන්ත ජෝසප් පිල තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 70ක් රැස් කර තිබිණි.
තරගයේ දක්ෂතම ක්රීඩකයා ලෙස සාන්ත ජෝසප් විදුහලේ යෙනුල දෙව්තුස සම්මාන දිනාගත් අතර, දක්ෂතම තුන් ඉරියව් ක්රීඩකයා ලෙස ලෂ්මික පෙරේරා (සා.පීතර), දක්ෂතම පිතිකරු ලෙස නේතන් ඩේවිඩ් (සා. පීතර), දක්ෂතම පන්දු යවන්නා ලෙස මානස මදුභාෂණ (සා. ජෝසප්) සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස සෙනුජ වකුණුගොඩ (සා. ජෝසප්) සම්මාන දිනා ගත්හ.
සාන්ත පීතර පළමු ඉනිම – 243 (ඕවර 93.3) ලෂ්මික පෙරේරා 58, ඩිලන දම්සර 44, අසදිස ද සිල්වා 38, නේතන් ඩේවිඩ් 29, ජොෂුවා සෙබස්තියන් 27, තරීන් සංකේත් 21 (මානස මදුභාෂණ 77/3, ඩේමියන් ද සිල්වා 48/2, නුශාන් පෙරේරා 50/2, යෙනුල දෙව්තුස 58/2) සහ දෙවැනි ඉනිම – 168 (ඕවර 54.4) නේතන් ඩේවිඩ් 53, ජේසන් ප්‍රනාන්දු 45, එනෝෂ් පීටර්සන් 34, ඒතන් රන්සිලු 20 (මානස මදුභාෂණ 57/5, නුශාන් පෙරේරා 35/2, යෙනුල දෙව්තුස 49/2)
සාන්ත ජෝසප් පළමු ඉනිම – 240/7 (ඕවර 72.3) යෙනුල දෙව්තුස 86, සෙනුජ වකුණුගොඩ 48, අවීශ සමාෂ් 32, රිශ්ම අමරසිංහ 27, අභිශේක් ජයවීර 23 (ලෂ්මික පෙරේරා 64/4, ජොෂුවා සෙබස්තියන් 80/4) සහ දෙවැනි ඉනිම 70/2 (ඕවර 13) අභිශේක් ජයවීර නොදැවී 31, අවීෂ සාමාෂ් 20