ආසියානු පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයක් ලබාදීමට කටයුතු කරන බව ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා මහතා සඳහන් කර තිබේ.
පසුගියදා තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ හමුවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධවී මේ ක්‍රීඩාංගණය ලබාදීමට කටයුතු කරන බව පවසා ඇති ආසියානු පාපන්දු සභාපතිවරයා මෙහිදී සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කර ඇත. බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ, දූෂණයට ලක් ව ඇති නමුත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින බවත්, ඒ අනුව ක්‍රීඩාව ද වඩා හොඳ තලයකට පැමිණෙන බව තමන්ට විශ්වාස බවත් කලීෆා මහතා මෙහිදී පැවසුවේය.
මේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහත්වරු ඇතුළු පිරිසක් ද එක්වූහ.