Monday, April 7, 2025
Home » පාකි­ස්තාන ක්‍රිකට් ක්‍රීඩ­කයා නව­සී­ල­න්ත­යේදී යකා නටයි

පාකි­ස්තාන ක්‍රිකට් ක්‍රීඩ­කයා නව­සී­ල­න්ත­යේදී යකා නටයි

by damith
April 7, 2025 4:09 pm 0 comment

ෆවුස් මොහො­මඩ්

සංචා­රක පාකි­ස්තාන සහ නව­සී­ලන්ත කණ්ඩා­යම් අතර මවුන්ට් මොග්නීර්හි බේ ඕවල් පිටියේ පැවති තුන්වැනි හා අව­සන් එක්දින තර­ගය අත­ර­තුර පාකි­ස්තාන පිලේ තුන් ඉරි­යව් ක්‍රීඩක කුෂ්දිල් ෂා හා නර­ඹ­න්නන් අතර බහි­න්බස් වීමක් සිදු­වී­මෙන් උණු­සුම් තත්ත්ව­යක් හට­ගත් බව වාර්තා වේ.

මේ පිළි­බඳ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පාකි­ස්තාන ක්‍රිකට් පාලක මණ්ඩ­ලය ප්‍රකාශ කර ඇත්තේ තර­ගය නැර­ඹී­මට පැමිණ සිටි ඇෆ්ග­නි­ස්තාන් ජාති­ක­යන් කිහි­ප­දෙ­නකු පාකි­ස්තාන විරෝධී සටන් පාඨ කිය­මින් කෑගැ­සීම හේතු­වෙන් කුෂ්දිල් ෂා දැඩි කෝප­යට පත්වූ අතර පාකි­ස්තාන පිල ලකුණු 33කින් පරා­ජ­යට පත්වූ එම තර­ග­යට කුෂ්දිල් ක්‍රීඩා නොකළ බවත්, ඔහු අති­රේක ක්‍රීඩ­ක­යකු ලෙස කට­යුතු කළේය.

ඇෆ්ගන් ජාති­ක­යන් පාකි­ස්තාන විරෝධී සටන් පාඨ කිය­මින් කෑගැ­සී­මත් සමඟ කෝප­යට පත් කුෂ්දිල් ෂා හතරේ සීමාව මායිම් කළ වැටෙන් පැන ඔවුන්ට පහ­ර­දී­මට උත්සාහ කර ඇති අතර, පසුව ආර­ක්ෂක නිල­ධා­රීන් මැදි­හත්වී සිදු­වීම පාල­නය කර­ගත් බව ද වාර්තා වේ. අන­තු­රුව ඇෆ්ග­නි­ස්තාන ජාතික නර­ඹ­න්නන් දෙදෙ­නකු පිටි­යෙන් ඉවත් කිරී­මට ආර­ක්ෂක අංශ පිය­වර ගත් බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT