Monday, April 7, 2025
Home » ක්ලිෆර්ඩ් කුස­ලා­නය වසර 6කට පසු මහ­නු­ව­රට

ක්ලිෆර්ඩ් කුස­ලා­නය වසර 6කට පසු මහ­නු­ව­රට

by damith
April 7, 2025 4:10 pm 0 comment

ෆවුස් මොහො­මඩ්

ප්‍රබල සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජ­යට එරෙ­හිව ලකුණු 41-33ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රීනාත් සූරි­ය­බ­ණ්ඩා­රගේ නාය­ක­ත්ව­යෙන් යුතු මහ­නු­වර ක්‍රීඩා සමා­ජය වසර 6කට පසුව පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ ක්ලිෆර්ඩ් කුස­ලා­නය දිනා ගැනී­මට සමත් විය.

මහ­නු­වර පිලේ ශ්‍රීනාත් සූරි­ය­බ­ණ්ඩා­රට ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා අතින් ක්ලිෆර්ඩ් කුස­ලා­නය පිරි­නැමු අයුරු.

මහ­නු­වර පිලේ ශ්‍රීනාත් සූරි­ය­බ­ණ්ඩා­රට ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා අතින් ක්ලිෆර්ඩ් කුස­ලා­නය පිරි­නැමු අයුරු.

ඊයේ පස්ව­රුවේ නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණ­යේදී ගැමුණු චේති­යගේ නාය­ක­ත්ව­යෙන් යුතු සීආර් පිල සමඟ කරට කර සට­නක නිරත වූ මහ­නු­වර පිල ක්ලිෆර්ඩ් කුස­ලා­න­යට හිමි­කම් කීවේ වසර 6කට පසු­වය. අව­සන් වරට 2018දී නාවික හමුදා පිල පරා­ජය කර­මින් කුස­ලා­නය ජය­ගත් මහ­නු­වර පිල මෙවර 23 වර­ටත් කුස­ලා­න­යට හිමි­කම් කිය­මින් වැඩිම වාර ගණ­නක් ශූර­තාව දිනූ කණ්ඩා­යම ලෙස සිය වාර්තාව යළි අලුත් කිරී­මට ද සමත් විය.

තර­ගයේ පළමු භාගය නිමා වන විට ලකුණු 17-14කින් පෙර­මුණ ගැනී­මට මහ­නු­වර පිල සම­ත්වූ­වද, දෙවැනි භාග­යේදී සීආර් ක්‍රීඩ­ක­යන් වෙතින් දැඩි පීඩ­න­යක් එල්ල වූ අතර, 77 වැනි මිනි­ත්තු­වේදී සීආර් පිල ලැබූ සට­න්කාමී ගෝල­ය­කින් පසුව ලකුණු තත්ත්වය 34-33ක් බවට පත්විය. මහ­නු­වර පිලේ මුහුණ දුන් පීඩ­නය තුරන් කර­මින් අති­රේක මිනි­ත්තු­වේදී අනගි උත්සා­හක දිනු­මක් තැබී­මට හේෂාන් ජැන්සන් සමත් වූ අතර, ඊයේ සිය අව­සන් ක්‍රීඩා සමාජ තර­ග­යට සහ­භාගි වූ සුපිරි ක්‍රීඩක නයි­ජල් රත්වත්ත එය ගෝල­යක් බවට පත් කිරී­මත් සමඟ තර­ගයේ ජය මහ­නු­වර පිලට තහ­වුරු විය.

මහ­නු­වර පිල රැස් කළ ලකුණු සංඛ්‍යා­වට ගෝල් 5ක් සහ දඬු­වම් පහර 2ක් ඇතු­ළත් වූ අතර, සීආර් පිලට රැස් කිරී­මට හැකි­වූයේ ගෝල් 4ක් සහ උත්සා­හක දිනු­මක් පමණි. මහ­නු­වර පිල වෙනු­වෙන් දිල්රුක්ෂ දංගේ, නයි­ජල් රත්වත්ත, කෙනුල හෙට්ටි­ආ­රච්චි, ඩිල්ෂාඩ් ෆරීඩ් සහ හේෂාන් ජැන්සන් උත්සා­හක දිනුම් තැබූහ. ඉන් 4ක්ම ගෝල බවට පත් කළ නයි­ජල් රත්වත්ත දඬු­වම් පහර 2ක් ද සාර්ථක කර­ග­ත්තේය. ඉතිරි උත්සා­හක දිනුම ගෝල­යක් බවට පත් කරනු ලැබුවේ ශාහිඩ් සුම්රි විසිනි.

සීආර් පිල වෙනු­වෙන් ඕමල්ක ගුණ­රත්න උත්සා­හක දිනුම් 2ක් තැබී­මට සමත්වූ අතර, චමෝද් මුතු­නා­යක, සුබ්රි දොරේ සහ මනිල්ක රුබේරු සෙසු උත්සා­හක දිනු­ම්ව­ලට හිමි­කම් කීහ. සීආර් පිලේ උත්සා­හක දිනුම් 4ම ගෝල බවට පත් කරනු ලැබුවේ සුබේර් දොරේ විසිනි. හිටපු විශිෂ්ට ක්‍රීඩක ෆාසිල් මරිජා මහ­නු­වර පිලේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කළ අතර, සීආර් පිලේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කරනු ලැබුවේ දුෂ්‍යන්ත් ලෙව්කේ විසිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT