Tuesday, April 8, 2025
Home » රිදී­මා­ලි­යද්ද ආඳා­උ­ල්පත ඔර­ලෝසු කණුවේ දැන්වීම් විතරයි

රිදී­මා­ලි­යද්ද ආඳා­උ­ල්පත ඔර­ලෝසු කණුවේ දැන්වීම් විතරයි

by damith
April 7, 2025 4:08 pm 0 comment

බදුල්ල දකුණ සමූහ විමුක්ති සංජය පෙරේරා

රිදී­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ප්‍රධාන නග­රය නව ආඳා­උ­ල්පත නගර මධ්‍යයේ පිහිටි ඔර­ලෝසු කණුවේ මාස කිහි­ප­යක සිට වේලාව වැඩ නොක­රන බවත් ඔර­ලෝසු කණුව පෞද්ග­ලික ආය­ත­න­යක වෙළෙඳ දැන්වී­ම­කට පම­ණක් සීමා වී ඇති බව ප්‍රදේ­ශ­වා­සීහු පව­සති.

රිදී­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය සභාව විසින් පාල­නය වන මෙම ඔර­ලෝසු කණුවේ නඩත්තු කට­යුතු සඳහා පෞද්ග­ලික ඇඟ­ලුම් ආය­ත­න­ය­කට බදු දී තිබෙන බවත් මේ වන විට මෙම ඔර­ලෝසු කණුවේ වේලාව නැවතී මාස 4ක් පමණ වන බවත් දැනට මෙම ඔර­ලෝසු කණුව බදු ගත් පෞද්ග­ලික ආය­ත­නයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචා­රක කණු­වක් බවට පත්වී ඇති අතර ප්‍රදේ­ශ­වා­සීන් මේ සම්බ­න්ධව රිදී­මා­ලි­යද්ද ප්‍රාදේ­ශීය සභා ලේක­ම්ව­රි­යට කිහි­ප­ව­තා­වක්ම දැනු­ම්වත් කළ ද ප්‍රාදේ­ශීය සභා ලේක­ම්ව­රිය මෙය නොස­ලකා හැර ඇති බවට ප්‍රදේ­ශ­වා­සීන් චෝදනා කරයි.

බදුල්ල – මහි­යං­ගණ, බිබිල – මහි­යං­ගණ, ආඳා­උ­ල්පත – බටු­යාය යන මාර්ගය බෙදන හත­රමං හන්දි­යක් සමඟ ඉතා අලං­කාර නග­ර­යක් වන ආඳා­උ­ල්පත නග­රය කෙටි කාල­යක් තුළ සංව­ර්ධ­නය වෙමින් පව­තින අතර මෙවැනි වේලාව නැවති ඇති ඔර­ලෝසු කණු­ව­කින් නග­රයේ පාළු ස්භාව­යක් දිස්වෙන අතර මේ සඳහා අදාළ බල­ධා­රින්ගේ අව­ධා­නය යොමු­කර මෙම ඔර­ලෝසු කණුව අලු­ත්වැ­ඩියා කර දෙන ලෙස ප්‍රදේ­ශ­වා­සීහු ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT