2025 අප්‍රේල් 06 වැනි දින පෙරවරුවේ කඹුරුපිටිය පොලීසියට ලද තොරතුරකට අනුව කඹුරුපිටිය උල්ලල මාස්මුල්ල රක්ෂිතයේ කළ වැටලීමකදී ගෝනි දහහතක (17) අසුරා තිබූ වල්ලපට්ට දඬු කැබලි කිලෝ පන්සියයකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු සහ වල්ලපට්ට රැගෙන යාමට සූදානම් කර තිබූ Òටාටා ඩිමෝÓ බට්ටා ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 21 – 40ත් අතර වන අතර තිදෙනෙක් වල්ලපට්ටා කැපීම සඳහා ද දෙදෙනෙකු කැපු වල්ලපට්ටා මිලදී ගැනීමට පැමිණි අය බවට සැකකරන අතර කැපීමට පැමිණ තිදෙනා ගාල්ල, උඩුගම, පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. වල්ලපට්ට මිලදී ගැනීමට පැමිණි දෙදෙනාම අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවන් බවට හෙළිකරගෙන ඇත.
කඹුරුපිටිය පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත.