Tuesday, April 8, 2025
Home » පෞද්ග­ලික බස් රථ­යක මී ගව රංචු­වක් ගැටී හත­ර­ක් මරුට

පෞද්ග­ලික බස් රථ­යක මී ගව රංචු­වක් ගැටී හත­ර­ක් මරුට

අත්අ­ඩං­ගු­වට ගත් බස් රථයේ රියැ­දුරා සොයා විම­ර්ශන

by damith
April 7, 2025 4:07 pm 0 comment

සිරි­පුර - මදු­ශානි අබේ­සිංහ

ඇඟ­ලුම් කර්මාන්ත සේවි­කා­වන් පිරි­සක් රැගෙන ඒම සඳහා පැළැ­ටි­යාව ගම්මා­නයේ සිට දිඹු­ලා­ගල ප්‍රදේ­ශ­යට ගමන් කර­මින් තිබූ පෞද්ග­ලික බස් රථ­යක දිඹු­ලා­ගල මැණි­කේ­ඇළ ප්‍රදේ­ශ­යේදී පෙරේදා (05) අලු­යම 3.00ට පමණ මී ගව රංචු­වක් ගැටී ඉන් ගව­යන් හත­ර­දෙ­නෙකු මිය­ගොස් ඇති බව මන­ම්පි­ටිය පොලී­සිය පව­සයි.

මී ගව­යන් ගැටී අන­තු­රට ලක්වී­මෙන් පසුව බසය පැළ­ටි­යාව ප්‍රදේ­ශයේ නි‍ෙව­සක සඟවා තිබෙන බවත්, එම බසය හා රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කරන බව ද පොලී­සිය පව­සයි.

මිය­ගොස් සිටින මී ගව­යන්ගේ අයි­ති­කරු ඉදි­රි­පත් නොවූ හෙයින් එම මී ගව­යින්ගේ අව­සන් කට­යුතු කිරී­මට ද ග්‍රාම නිල­ධා­රි­ව­රිය සමඟ කට­යුතු කරන බව ද පොලී­සිය පව­සයි.

මන­ම්පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්‍ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිල­ධාරි කණ්ඩා­ය­මක් මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ සිදු­ක­රයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT