Home » වැලි­මඩ-බදුල්ල කහ­ට­පි­ටියේ පස් කන්දක් කඩා වැටී ගම­නා­ග­ම­න­යට බාධා

වැලි­මඩ-බදුල්ල කහ­ට­පි­ටියේ පස් කන්දක් කඩා වැටී ගම­නා­ග­ම­න­යට බාධා

by damith
April 7, 2025 4:05 pm 0 comment

වැලි­මඩ - කේ.ආර්.ආර්. රාජ­මන්ත්‍රී

මේ දින­වල සවස් යාමයේ ඇද­හැ­ලෙන අධික වර්ෂාව හේතු­වෙන් වැලි­මඩ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ කහ­ට­පි­ටිය ප්‍රදේ­ශ­යේදී මාර්ග­යට පස් කන්දක් ඉකුත් 04 වැනිදා රාත්‍රියේ කඩ­වැ­ටී­මෙන් මාර්ගයේ එක් කොට­සක් අව­හිර වීම නිසා ගම­නා­ග­ම­න­යට බාධා එල්ලවී තිබේ.

ඇද­හැ­ලුණු අධික වර්ෂා­වත් සමඟ මෙලෙස මාර්ග­යට පස් කන්දක් කඩා වැටී තිබේ. ඒ හේතු­වෙන් මාර්ගයේ එම ස්ථානයේ බෝක්කු­වක් ද අව­හිර වී තිබූ අතර මාර්ගයේ ඉහ­ළින් වූ වේල්ලක් මෙලෙස වර්ෂා­වත් සමඟ නාය ගොස් තිබේ. මේ හේතු­වෙන් එම ස්ථාන­යෙන් රථ වාහන ධාව­නය ද එක් මංතී­රු­ව­කට පම­ණක් සීමා වී ඇතැයි ද මෙසේ රාත්‍රී කාලයේ මාර්ග­යට පස්කඳු කඩා­වැ­ටී­මට ඉඩ ඇති බැවින් දැඩි අව­දා­න­යෙන් වාහන ධාව­නයේ නියැ­ළෙන ලෙසට ද වැලි­මඩ පොලී­සිය වාහන රියැ­දු­ර­න්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT