Home » ඉන්දි­යා­වෙන් ගෙනා 16ලක්ෂ­යක එන­සාල් පන්නන්න ගිය දෙන්නෙක් රේගු දැලේ

ඉන්දි­යා­වෙන් ගෙනා 16ලක්ෂ­යක එන­සාල් පන්නන්න ගිය දෙන්නෙක් රේගු දැලේ

by damith
April 7, 2025 4:02 pm 0 comment

කටු­නා­යක ටී.කේ.ජී. කපිල

රුපි­යල් ලක්ෂ දහ­ස­යක් වටිනා එන­සාල් කිලෝ­ග්‍රෑම් 117ක්, නීති­වි­රෝධී ලෙස මෙර­ටට රැගෙන විත්, ඒවා කටු­නා­යක ගුවන් තොටු­පො­ළෙන් පිට­කර ගෙන­ය­මින් සිටි ගුවන් මගීන් දෙදෙ­නකු පසු­ගි­යදා (5) ගුවන් තොටු­පොළ පොලී­සියේ නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්අ­ඩං­ගු­වට ගැනිණි.

මෙම ගුවන් මගීන් දෙදෙනා අවු­රුදු 41 සහ 49 යන වය­ස්වල පසු­වන කොළඹ – 13 සහ කොළඹ – 8 යන ප්‍රදේ­ශ­වල පදිංචි, නිතර නිතර ගුවන් ගම­න්වල නිරත වෙමින් ව්‍යාපා­රික කට­යු­තු­වල යෙදෙ­න්නන් බව අනා­ව­ර­ණය විය. මොවුන් දෙදෙනා 5 වැනි දින අලු­යම 04.50ට ඉන්දි­යාවේ බැංග­ලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 174 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් විසින් ගෙන එන ලද ගමන් මලු 7ක් තුළ මෙම එන­සාල් තොගය කිලෝ­ග්‍රෑම් 1 සහ 3 වශ­යෙන් අඩංගු පැකට් වශ­යෙන් සකස් කර, සඟ­වා­ගෙන පැමිණ තිබේ.

මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා අත්අ­ඩං­ගු­වට ගත් දෙදෙනා කටු­නා­යක නයි­කන්ද රේගු නිවා­රණ කාර්යා­ලය වෙත භාර දීමට පිය­වර ගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT