Wednesday, April 9, 2025
Home » අවු­රුදු කුමර කුම­රි­ය තේරීමේ තර­ගය අත­ර­තුර උත්සව ශාලාව ගිනි ගනී

අවු­රුදු කුමර කුම­රි­ය තේරීමේ තර­ගය අත­ර­තුර උත්සව ශාලාව ගිනි ගනී

by damith
April 7, 2025 8:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

බොරැල්ල කාසල් පාරේ ප්‍රසිද්ධ උත්සව ශාලා­වක මෝස්තර නිරූ­පණ ශිල්පී චන්දි­මාල් ජය­සිංහ මහතා විසින් පව­ත්වන ලද 2025 වසරේ අලුත් අවු­රුදු කුමර කුම­රි­යන් තේරීමේ තර­ගය අත­ර­තු­රදී ඇති වූ හදිසි ගින්න­කින් රුපි­යල් ලක්ෂ ගණ­නා­වක අලා­භ­යක් සිදුව ඇතැයි බොරැල්ල පොලී­සිය පැව­සීය.

පොලී­සිය සඳ­හන් කළේ, ඊයේ අලු­යම 12.30ත් 01 .00ත් අතර කාල­යේදී මෙම ගින්න හට­ගෙන ඇති අතර, විනාඩි කිහි­ප­යක් තුළදී ගින්න උත්සව ශාලා­වන් 2ක් පුරා පැතිර ගොස් ඇති බවයි.

ගින්න හට­ගන්නා අව­ස්ථා­වේදී එම ශාලා­වන් තුළ පුද්ග­ල­යන් 500කට ආසන්න පිරි­සක් රැඳී සිට ඇති අතර, ගින්නෙන් කිසි­ව­කු­ටත් හානි­යක් සිදුව නැත. එම ගින්න හේතු­වෙන් විදුලි ආලෝක පද්ධ­ති­යට, කැමරා කිහි­ප­ය­කට ශාලා­වල රැඳී සිටි පුද්ග­ල­යන් අසු­න්ගෙන සිටි පුටු­ව­ලට ඇතුළු දේපොළ රැස­කට සම්පූර්ණ හානි සිදුව තිබේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ හත­රක් මෙන්ම කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ඇතුළු ගිනි නිවන නිල­ධා­රීන් 25 දෙන­කුට අධික පිරි­සක් පැමිණ පැය දෙක­කට ආසන්න කාල­යක දැඩි පරි­ශ්‍ර­ම­ය­කින් අන­තු­රුව ගින්න නිවා දැමී­මට කට­යුතු කර ඇත. ගින්නට හේතුව වායු සමී­ක­රණ යන්ත්‍ර­ය­කින් ඇතිවූ යම් දෝෂ­යක් ද වෙන­යම් හේතු­වක් ද යන්න සොයා අප­රාධ ස්ථාන පරී­ක්ෂණ නිල­ධා­රීන් සහ රජයේ රස පරී­ක්ෂක කැඳවා පරී­ක්ෂණ පව­ත්වන බව පොලී­සිය පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT