Tuesday, April 8, 2025
Home » පුතා හා ලේලිය සොරා ගන්නා යතු­රු­පැදි තාත්තා කොටස් කර විකු­ණලා

පුතා හා ලේලිය සොරා ගන්නා යතු­රු­පැදි තාත්තා කොටස් කර විකු­ණලා

ජාවා­ර­මට සැක­පිට 5ක් අත්අ­ඩං­ගු­වට

by damith
April 7, 2025 4:03 pm 0 comment

නව­ග­මුව සමූහ සුගත් ප්‍රේම­ති­ලක

කලක පටන් දිව­යිනේ විවිධ ස්ථාන­ව­ලින් යතු­රු­පැදි සොර­කම් කර, ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවා­ර­මක නිරත වූ එකම පවුලේ පියා, පුතු සහ ලේලිය ඇතුළු සැක­ක­රු­වන් පස් දෙනකු නව­ග­මුව පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගැනිණි.

මෙහි ප්‍රධාන සැක­කරු මුල්ලේ­රි­යාව ප්‍රදේ­ශයේ මෝටර් රථ අම­තර කොටස් වෙළෙ­ඳ­ස­ලක් පව­ත්වා­ගෙන යන අතර, සිය පුත්‍රයා හා ලේලිය විසින් සොර­කම් කර­ගෙන එනු ලබන යතු­රු­පැදි කොටස් ගලවා අළෙවි කොට තිබේ. මොවුන් සොර­කම් කළ යතු­රු­පැදි හයක් පොලී­සිය සොයා­ගෙන ඇති අතර, නව­ග­මුව පොලිස් වසමේ යතු­රු­පැදි තුනක්, කැල­ණිය පොලිස් වසමේ යතු­රු­පැදි දෙකක්, තලං­ගම පොලිස් වසමේ යතු­රු­පැ­දි­යක් ඒ අතර වේ.

පොලී­සිය සී.සී.ටී.වී. දර්ශන ද උප­යෝගී කර­ගෙන සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­ක­රු­වන් කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව සැක­කාර පියා සහ ඔහුහේ සහා­ය­ක­යකු ලෙස කට­යුතු කළ අයකු රක්ෂිත බන්ධ­නා­ගාර ගත කළ අතර, පුත්‍රයා, ලේලිය ඇතුළු තිදෙ­නකු ඇප මත මුදා හැර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT