Monday, April 7, 2025
Home » පෝලිමේ සිටින මිනි­සුන්ට අසුන් නැති කුරු­ණෑ­ග­ලින් ආරම්භ කරන පෞද්ග­ලික බස්

පෝලිමේ සිටින මිනි­සුන්ට අසුන් නැති කුරු­ණෑ­ග­ලින් ආරම්භ කරන පෞද්ග­ලික බස්

by damith
April 7, 2025 4:16 pm 0 comment

මාව­ත­ගම - ආනන්ද විජේ­ති­ලක

උත්සව සමයේ ගමන් බිමන් යන මගීන් අප­හ­සු­තා­වට පත් කර­මින් කුරු­ණෑ­ගල බස් නැව­තු­ම්පො­ළින් ගමන් ආරම්භ කරන පෞද්ග­ලික බස් රථ­වල ආසන වැඩි මුද­ලට වෙන්කර බඩු බාහි­රා­දිය ප්‍රවා­හ­නය කරන බව මගීහු පව­සති.

මෙසේ ආසන වෙන් කර ගනු ලබන්නේ කුරු­ණෑ­ගල සිට අනු­රා­ධ­පුර වැනි දුර ගමන් බස් රථ­වල බවත් මෙම බස් රථ මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රි­යට අයත් නොවන අතර ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වෙන් පාල­නය කරන බස් රථ බැවින් ඔවුන්ට අවශ්‍ය පරිදි ගමන් කරන බව මගීහු චෝදනා කරති. මේ ආකා­ර­යෙන් පිටු­පස ආස­න­වල බඩු පුරවා තිබීම නිසා පෝලිමේ එන මගීන්ට බස් රථයේ ආසන නොමැ­ති­වීම හේතු­වෙන් අප­හ­සු­තා­වට පත්වන බව ද ඔවුහු පැව­සූහ.

මේ පිළි­බ­ඳව අප කළ විම­සු­ම­කදී වයඹ මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රියේ උසස් නිල­ධා­රි­යෙකු පවසා සිටියේ ජාතික ගම­නා­ග­මන කොමි­ෂන් සභා­වට අයත් බස් රථ පිවි­සු­මක් ලබා ගනි­මින් ගමන් ආරම්භ කරන අතර වේලාව සට­හන් කිරීම පම­ණක් මගී ප්‍රවා­හන අධි­කා­රි­යෙන් සිදු කරන අතර වෙනත් කිසිදු උප­දෙ­සක් දැනු­ම්වත් කිරී­මක් සඳහා කිසිදු බල­යක් නොමැති බවයි. මගීන්ට සිදු­වන අප­හ­සු­තා­ව­න්ව­ලදී 1955 අමතා සිදු වු අප­හ­සුතා පිළි­බ­ඳව පැමි­ණිලි කළ හැකි බවද ඔහු පැවැ­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT