Home » පුත්ත­ලම දිසා ලේකම් ඇතුළු කණ්ඩා­ය­මක් මහ­සෙන් වැව නිරී­ක්ෂණ චාරි­කා­වක

පුත්ත­ලම දිසා ලේකම් ඇතුළු කණ්ඩා­ය­මක් මහ­සෙන් වැව නිරී­ක්ෂණ චාරි­කා­වක

by damith
April 7, 2025 4:17 pm 0 comment

කල්පි­ටිය සමූහ - කුමාරි පද්ම­ලතා

“අලි ඇතුන් ඇතුළු සතා සිවු­පා­වුන්ගේ මූලික අව­ශ්‍ය­තා­වක් වන ජල හිමි­කම වෙනු­වෙන්, සතා සිවු­පා­වන්ගේ සාධා­ර­ණය උදෙසා පුත්ත­ලමේ රාජ්‍ය හා දේශ­පා­ලන මහ පුටු රත්වූ දුර්ලභ අව­ස්ථා­වක්” පසු­ගිය දා පුත්ත­ලමේ දී දැකිය හැකි විය.

පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ තබ්බෝව වන රක්ෂි­තයේ ජීව­ත්වන අලි ඇතුන් ඇතුළු සතා සිවු­පා­වුන්ගේ පිපා­සාව නිවී­මට දිය බිඳක් සැපයූ, දැනට මහත් සේ ගිලන්ව ඇති මහ­සෙන් වැව හෙවත් කඩ­හ­ලක වැවේ වත්මන් තත්ත්වය නිරී­ක්ෂ­ණය සඳහා පුත්ත­ලමේ ඉහ­ළ­පෙළේ රාජ්‍ය නිල­ධා­රීන් සහ දේශ­පා­ලන අධි­කා­රීයේ පිරි­සක් පසු ගිය දා චාරි­කා­ව­කට එක්වූහ.

මෙම වැව පිහිටා ඇත්තේ පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ වනා­ත­වි­ල්ලුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ මයි­ල­න්කු­ලම ග්‍රාම නිල­ධාරි වසමේ තබ්බෝව වන රක්ෂි­තය තුළය. අනු­රා­ධ­පුර යුග­යට අයත් යැයි සැල­කෙන මෙම වැව වන සතුන්ගේ ප්‍රධා­න­තම ජල­මූ­ලා­ශ්‍ර­යකි.

මේව­න­විට වැවේ පැති බැම්ම­කට හානි සිදු­වී­මෙන් ජලය රඳා පැව­තීමේ ධාරි­තාව ගිලිහී යමින් පව­තියි. එහෙ­යින් වැවේ වත්මන් තත්ත්වය නීරී­ක්ෂ­ණය කොට ප්‍රති­සං­ස්ක­ර­ණය සඳහා අවශ්‍ය පිඹු­රු­පත් සැක­සීම මෙම චාරි­කාවේ අර­මුණ විය.

වන රක්ෂි­තය තුළට ගමන් කිරීම බෙහෙ­වින්ම අසීරු කාර්ය­යක් විය. ට්‍රැක්ට­රය ගමන් සගයා විය. කැලෑව එළි­පෙ­හෙළි කර ගනි­මින්, විටෙක මඩේ එරෙ­මින් දුෂ්කර ගම­නා­න්ත­ය­කින් මහ­සෙන් වැවට ළඟා­වී­මට හැකි විය. මෙම චාරි­කා­වට පුත්ත­ලම දිසා ලේකම් එස්.එම්.පී. සුනන්ද හේරත්, රාජ්‍ය පරි­පා­ලන හා ස්වදේ­ශීය කට­යුතු අමාත්‍ය මහා­චාර්ය චන්දන අබේ­රත්න, පරි­සර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජය­කොඩි මහතා ද එක්ව සිටි­යහ.

මෙම නිරී­ක්ෂණ චාරි­කාවේ ප්‍රග­තිය පිළි­බ­ඳව අප කළ විම­සීමේ දී පුත්ත­ලම දිසා ලේකම් එස්.එම්.පී. සුනන්ද හේරත් මහතා පැව­සුවේ,

මෙම වැව සම්බ­න්ධ­යෙන් අදාළ ආය­තන වන වාරි මාර්ග, පරි­සර අමා­ත්‍යං­ශය, වන­ජීවී, වන සංර­ක්ෂණ ආදී සියලු රාජ්‍ය ආය­තන හා සාක­ච්ඡා­වක් පව­ත්ව­නවා. ඔවුන්ගේ එක­ඟතා, ගැටලු එකම මේස­යක සාක­ච්ඡා­වට බඳු­න්කොට වඩාත් ඵල­දායී සැල­සු­ම­කට එළ­ඹීම ඔවුන්ගේ අද­හ­සක බවත් ලෝක බැංකු ආධාර උප­යෝගී කර­ග­නි­මින් වඩාත් කඩි­න­මින් හා සාර්ථ­කව මෙම සද් කාර්යය ඉටු කිරීම බලා­පො­රො­ත්තුව වන බවත්ය.Ó

සතුන්ගේ සා පිපා­සාව නීවීම, අලි ඇතුන් ගම් වැදීම අව­ම­වීම, ගොවීන්ට ද සිය ජල අව­ශ්‍යතා සපි­රීම මෙම වැව ප්‍රති­සං­ස්ක­ර­ණ­යෙන් හිමි­වන අනෙ­කුත් ප්‍රති­ලා­භ­යන් ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT