Tuesday, April 8, 2025
Home » ගම්පොළ පුස්සැ­ල්ලාව වහු­ග­පි­ටිය රෝහලේ මහ­ජන විරෝ­ධ­තා­වක්…

ගම්පොළ පුස්සැ­ල්ලාව වහු­ග­පි­ටිය රෝහලේ මහ­ජන විරෝ­ධ­තා­වක්…

by damith
April 7, 2025 4:08 pm 0 comment

ගම්පොළ - සුරංග දිල්හාන්

ගම්පොළ, පුස්සැ­ල්ලාව, වහු­ග­පි­ටිය දිසා රෝහලේ පරි­පා­ල­නය බිඳ වැටී­මෙන් වතු හත­ළි­හක ජන­තාව ඇතුළු හැට­ද­හ­සක ජන­තා­වක් දැඩි පීඩ­න­යට පත්ව ඇතැයි පවසා රෝහල් පරි­පා­ල­න­යට විරු­ද්ධව එම රෝහල ඉදි­රි­පිට දී ගම්පොළ – නුව­ර­එ­ළිය මාර්ගය වසා වතු ජන­තාව පෙරේදා (05) විරෝ­ධ­තා­වක් දැක්වූහ.

මෙම විරෝ­ධ­තා­ක­රු­වන් ගම්පොළ – නුව­ර­එ­ළිය මාර්ගය එම රෝහල අස­ලින් අව­හිර කර­මින් මාර්ගයේ වැතිර පවසා සිටියේ රෝහලේ ස්ථාන භාර වෛද්‍ය­ව­රයා මාරු කර රෝහලේ අඩු­පාඩු සකසා දෙන ලෙසයි.

මොවුන්ගේ දැඩි චෝද­නාව වූයේ රෝහලේ ස්ථාන භාර වෛද්‍ය­ව­රයා දිනය පුරා දැඩි ලෙස බීමත්ව සිටී­මෙන් රෝහල් පරි­පා­ල­නය බිඳ­වැ­ටී­මට හේතු වී ඇති බවයි.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ මායිමේ හා නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ආර­ම්භක ප්‍රදේ­ශයේ නගර තුනක් ඇතුළු වතු 40ක ජන­තා­වට ඇති මෙම රෝහල තුළ තමන්ට මහත් අසා­ධා­ර­ණ­යක් සිදු­වන බව ඔවුහු පව­සති.

මෙම රෝහලේ ඖෂ­ධ­වේ­දීන් දෙදෙ­නකු සිටිය යුතු වුවද මාස ගණ­නා­වක සිට එකදු ඖෂ­ධ­වේ­දි­යකු හෝ නොමැ­තිව තමන් මහත් අප­හ­සු­තා­වට පත් වූ බවත් මේ නිසාම අධික මුද­ලක් ගෙවා පෞද්ග­ලික අංශ­ව­ලින් ඖෂධ ගැනී­මට සිදුවූ බවත් මොවුහු පෙන්වා දෙති.

රෝහලේ මෝච­රියේ පුහුණු සේව­ක­යකු නොමැති අතර කාර්ය මණ්ඩ­ලයේ අඩු­පාඩු නිසා ජන­තා­වට අප­හ­සුතා ඇති­වන බව ද ඔවුහු සඳ­හන් කරති.

නිසි වෙලා­වට ගිලන් රථ රියැ­දු­රන් හා සේව­ක­යන් නොමැ­ති­කම හා රෝහලේ නොසැ­ල­කිල්ල නිසා මෑත­කා­ලයේ තිදෙ­නකු මිය­ගිය බව ද මොවුහු පව­සති.

ඒ ආකා­ර­යට පුස්සැ­ල්ලාව හින්දු විද්‍යා­ලයේ සිසු­ව­කුගේ හිසේ විදුලි පංකා­වක් වැදී තුවාල වූ අව­ස්ථාවේ රෝහලේ නොසැ­ල­කි­ල්ලෙන් ඔහු මිය­ගිය බවත් පවසා මේ ලෙසම එදා විශාල වතු ජන­තා­වක් මාර්ගය හරස් කර විරෝ­ධතා දක්වුව ද අදට ද එම ගැට­ලු­ව­ලට විස­ඳුම් නොලැබී ඇති බව ද විරු­ද්ධා­ක­රුවෝ පව­සති.

පුස්සැ­ල්ලාව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික හේම­කු­මාර මහතා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් පැමිණ වසා ඇති මාර්ගය වාහන ධාව­න­යට විවෘත කරදී මොවුන්ට පළාත් අධ්‍ය­ක්ෂක වරයා සමඟ සාක­ච්ඡා­වක් රැගෙන දීමට පොරොන්දු වූ පසු උද්ඝෝ­ෂ­කයෝ විසිර ගියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT