Tuesday, April 8, 2025
Home » අවු­රුදු පෙනි පෙනී පේරා­දෙ­ණිය පොළේ වෙළ­ඳුන් මහ පාරට

අවු­රුදු පෙනි පෙනී පේරා­දෙ­ණිය පොළේ වෙළ­ඳුන් මහ පාරට

by damith
April 7, 2025 4:10 pm 0 comment

ගම්පොළ - සුරංග දිල්හාන්

පේරා­දෙ­ණිය පොළ භූමියේ නිත්‍යා­නු­කූල වෙළෙ­ඳාම් කළ වෙළෙ­ඳුන් එම ස්ථාන­යෙන් ඉවත් කිරී­මට ගඟ­ව­ට­කෝ­ර­ළය ප්‍රදේ­ශීය සභාව ගෙන ඇති තීරණ හේතු­වෙන් වෙළෙ­ඳාම් කට­යු­තු­වල නිරත වූ වෙළෙන්දෝ දැඩි අසී­රු­තා­වට පත්ව සිටිති.

පේරා­දෙ­ණිය පොළ භූමිය අලු­ත්වැ­ඩියා කොට වැඩි වෙළෙ­ඳුන් ප්‍රමා­ණ­ය­කට අව­ස්ථාව ලබා­දී­මට සැල­සුම් කොට ඇති හෙයින් මෙම වෙළෙ­ඳුන් ඉවත් කිරී­මට පිය­වර ගත් බව ගඟ­ව­ට­කෝ­ර­ළය ප්‍රාදේ­ශීය සභාවේ ලේකම් මහින්ද එදිරි සූරිය මහතා පව­සයි.

එළ­ඹෙන අවු­රුදු සම­යේදී මෙම පොළ භූමිය කඩා ඉව­ත්ක­ළොත් තම පවුල් අස­රණ වන බවත්, එහෙ­යින් අවු­රුදු දින කිහි­පය තුළ වෙළෙ­ඳාම තුළින් ආදා­ය­මක් ලබා ගැනී­මට අව­ස්ථාව ලබා­දෙන ලෙසත් තමන් විසින් කරන ලද ඉල්ලීම ඉවත දම­මින් ප්‍රාදේ­ශීය සභාව විසින් අසා­ධා­රණ ලෙස ගත් මෙම තීර­ණය හේතු­වෙන් වෙළෙ­ඳාම මඟින් ජීවි­කාව රැක­ගත් පවුල් රැසක් දැඩි ආර්ථික අප­හ­සු­තා­ව­කට පත්ව සිටින බව එම වෙළෙන්දෝ පව­සති.

මෙම උත්සව සමයේ සිය වෙළෙඳ කට­යුතු පව­ත්වා­ගෙ­න­යා­මට ඉඩ සලසා දෙන ලෙසත් අලුත් අවු­රු­දු­ව­ලින් පසු ඕනෑම තීර­ණ­යක් ගන්නා ලෙසත් වෙළෙ­ඳුන් ප්‍රාදේ­ශීය සභා ලේක­ම්ව­ර­යා­ගෙන් ඉල්ලා ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළ බව ද වෙළෙන්දෝ චෝදනා කරති.

වෙ‍ළෙඳුන්ට මෙම ස්ථාන­යෙන් ඉවත් වන ලෙස නියෝග කර සභා ලේක­ම්ව­රයා විසින් නිවේ­ද­න­යක් මඟින් පවසා ඇත්තේ පේරා­දෙ­ණිය පොළ භූමිය අලු­ත්වැ­ඩිය කොට වැඩි වෙළෙ­ඳුන් ප්‍රමා­ණ­ය­කට අව­ස්ථාව ලබා­දීමේ අර­මු­ණිනි.

නමුත් වෙළෙ­ඳුන් පව­සන්නේ එම යෝජ­නාව හොඳ වූ නමුත් මෙම අවු­රුදු සම­යේදී තමන් මෙම ස්ථාන­යෙන් ඉවත් කිරීම නිසා පවුල් ගණ­නා­වක් අවු­රුදු සමයේ අස­රණ වන බවය. මෙම ඉල්ලීම සභා ලේක­ම්ව­රයා පිළි­නො­ගැ­නීම නිසා පෙරේදා (05) රාත්‍රි­යේදී තමාට මෙම ස්ථාන­යෙන් ඉව­ත්වී­මට සිදුවූ බව ඔවුහු පව­සති.

කෙසේ වෙතත් ප්‍රාදේ­ශීය සභාවේ ලේක­ම්ව­රයා සඳ­හන් කරන්නේ වෙළෙ­ඳුන් සුළු පිරි­සක් මුළු පොළ භූමි­යම අත්පත් කර­ගෙන වෙළෙ­ඳාම් කිරීම පිළි­බ­ඳව පසු­ගිය කාලයේ සභාව වෙත දිග­ටම පැමි­ණිලි ලැබුණු බවත්, එම පැමි­ණිලි අනුව මෙම ඉවත් කිරීම සිදු කරන බවත්ය. ඒ සඳහා මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­මැ­තිය ලැබී තිබෙන බව ද ඔහු පැවැ­සීය.

මෙම පොළ අළු­ත්වැ­ඩියා කර ඉන්පසු වෙ‍ෙළ­ඳාම් කිරීම සඳහා යළි විවෘත කරන බැවින් මාර්තු මස 24 වැනි දිනට පෙර බඩු බාහි­රා­දිය ඉවත් කර­ගෙන පොළ භූමි­යෙන් ඉවත් වන ලෙස මෙම වෙළෙ­ඳුන්ට ප්‍රාදේ­ශීය සභා ලේක­ම්ව­රයා විසින් දැනුම්දී ඇත. නමුත් අවු­රුදු සමය නිසා මෙම වෙළෙ­ඳුන් පෙරේදා (05) වන­තු­රුම එහි රැඳී සිටි­යේය.

පේරා­දෙ­ණිය නග­ර­යට ඇති එකම වෙළෙ­ඳ­පොළ වන මෙම ස්ථානය පසු­ගිය කාලයේ ප්‍රාදේ­ශීය සභාව විසින් යම් නවී­ක­ර­ණ­යන්ට ලක් කෙරු­ණද වෙළෙ­ඳුන්ට හෝ පාරි­භෝ­ගික ජන­තා­වට කාල­යට ගැළ­පෙන අයු­රින් පහ­සු­කම් සැප­යී­මට අපො­හො­සත් වූ බවට මෙහි වෙළෙ­ඳු­න්ගෙන් චෝදනා එල්ල විය.

අවු­රුදු සමයේ මෙම වෙළ­ඳ­පොළ ඉවත් කිරීම පිළි­බ­ඳව මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන කොම­සා­රිස් චමිලා අත­පත්තු මහ­ත්මි­ය­ගෙන් විම­සී­මේදී ඇය සඳ­හන් කළේ ගඟ­ව­ට­කෝ­ර­ළයේ ප්‍රාදේ­ශීය සභාව මඟින් සිදු කර ඇති ඉල්ලී­මට අනුව සුදුසු පිය­ව­රක් ගන්නා ලෙස දැනුම් දුන්නද මෙම අවු­රුදු සමයේ එම වෙ‍ෙළ­ඳ­සල් කඩා ඉවත් කිරී­මට උප­දෙස් ලබා නොදුන් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT