Tuesday, April 8, 2025
Home » අම්පාර රෝහලේ සිසේ­රි­යන් සැත්කම් දෙක­කින් උපන් නොමේරු දරු­වන් පස් දෙනා යළි මවු­ව­රුන්ට

අම්පාර රෝහලේ සිසේ­රි­යන් සැත්කම් දෙක­කින් උපන් නොමේරු දරු­වන් පස් දෙනා යළි මවු­ව­රුන්ට

by damith
April 7, 2025 4:19 pm 0 comment

දිගා­ම­ඩුල්ල විශේෂ - වසන්ත චන්ද්‍ර‍පාල

අම්පාර මහා රෝහ­ලේදි අඩු බර උපත් දරු­වන් පස් දෙනෙකු සාර්ථක සිසේ­රි­යන් සැත්කම් දෙක­කින් බේරා ගැනී­මෙන් අන­තු­රුව අම්පාර මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි දරු­වන් පස්දෙනා එම මවු­ව­රුන් දෙදෙ­නාට නැවත භාර­දීම ඊයේ (06) සිදු­ක­රනු ලැබීය.

මාර්තු 15 වැනිදා අම්පාර මහ රෝහලේ ප්‍රසව සහ නාරි විශේ­ෂඥ වෛද්‍ය තරිඳු එදි­රි­සූ­රිය මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩා­යම විසින් දරු ප්‍රසු­තිය ඇතිවූ මව­කට සිසේ­රි­යන් සැත්ක­මක් සිදු කළ අතර එම මවට නිවුන් දරු­වන් දෙදෙ­නෙකු ලැබුණු අතර එම දරු දෙදෙ­නාම සති 30 කාල­ය­කදී ලැබුණු නිසා නොමේරු ළදරු දැඩි සත්කාර ඒක­ක­යට යොමු කරනු ලැබීය.

ඉන් පැය­කට පසුව සම­න්තුරේ සිට අම්පාර මහ රෝහ­ලට හදි­සියේ එවන ලද මව­ක­ටද දරු ප්‍රසු­තිය ඇතිවූ අතර එම මව­ටද හදි­සි­යේම සිසේ­රි­යන් සැත්ක­මක් සිදු­කර අති අතර එම මවට තුන් නිවුන් දරු­වන් ලැබී ඇත. එම දරු­වන් සති 29ක කාල­යක දරු­වන් වීම නිසා එම දරු­වන් ද නොමේරු ළදරු දැඩි සත්කාර ඒක­ක­යට යොමු­කර තිබේ.

එසේ ළදරු දැඩි සත්කාර ඒක­ක­යට යොමු කරන ලද දරු­වන් පස්දෙනා අම්පාර මහ රෝහලේ ළමා රෝග විශේ­ෂඥ දිමුතු සුභ­සිංහ මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ දින 22ක කාල­යක් අවශ්‍ය ප්‍රති­කාර ලබාදී නිය­මිත බර පැමි­ණී­මෙන් පසුව මවු­පි­යන්ට භාර­දීම සිදු­ක­රනු ලැබීය.

අම්පාර වැනි රෝහ­ලක එක් දින­කදී එවැනි දරු උපත් සිදු­වීම විරල සිද්ධි­යක් බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය රංග චන්ද්‍ර­සේන මහතා සඳ­හන් කළේය.

මෙම දරු­වන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කට­යුතු කළ අම්පාර මහා රෝහලේ ප්‍රසව සහ නාරි වෛද්‍ය විශේ­ෂඥ තරිඳු එදි­රි­සූ­රිය සහ ළමා රෝග විශේ­ෂඥ දිමුතු සුභ­සිංහ මහ­ත්ව­රුන් ඇතුළ සිය­ලුම වෛද්‍ය­ව­රුන්ට හෙද කාර්ය මණ්ඩ­ල­යට කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලය ඇතුළු සිය­ලු­දෙ­නා­ටම ස්තුති­වන්ත වෙන බව එම මවු­ව­රුන් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT