මේ මොහොතේ අපි කළ යුතු හොඳ ම දේ ඇමරිකාව සමග සාකච්ඡා කර, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කිරීමට නිර්මාණශීලී වීම යැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක් බවත් , අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වන බවත්, ඔහු කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කළේ බත්තරමුල්ලෙහි පිහිටි ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ රවී කරුණානායක…
ඉන්දියාව සමග ගනුදෙනු කිරීම ඉතා හොද දෙයක්. මගේ අදහස ඉන්දියාව සමග ගනුදෙනු කිරීම නිසා ලංකාවට හොඳක් වෙනවා කියන එකයි. අනාගතයේ ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත් වෙනවා.
ඇමරිකාව සමග පවතින වෙළඳාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා. මෙතෙක් කාලයක් අපිට ගැටලුවක් තිබුනේ නෑ. ඒ සම්බන්ධයෙන් ඇමරිකාවට ස්තූතිවන්ත වෙනවා. නමුත් දැන් ඩොලන්ඩ් ට්‍රම්ප් ප්‍රතිගෝලීකරණයට තල්ලු වී තිබෙනවා. ඇමරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි උනා. අපි ඇමරිකා භාණ්ඩ ගෙන්වනකොට ඇමරිකාවෙන් ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුළුවන්.
මේ වෙලාවේ කළ යුතු හොදම දේ අපි ඇමරිකාව එක්ක සාකච්චා කළ යුතුයි; අපි ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කළ යුතුයි. එහෙම අපි නිර්මාණශීලී විය යුතුයි.
අපි විශාල බඩු ප්‍රමාණයක් ඇමරිකාවට අපනයනය කරනව. මේ ආකාරයටයි සිංගප්පූරුව ජපානය දියුණු උනේ. ඉස්සර ලෝකයට ම ගැහුවේ එක බද්ධක්. දැන් ඒක වෙනස් කර තිබෙනවා. එක එක රටවලට එක එක බදු ප්‍රමාණයන් අය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම අපි කියන්නේ මේ ණය ගෙවන්න පුලුවන් වන්නේ අපනයනය හරහායි. හැබැයි හැම එකමටම පිළිතුර IMF එක ම නෙවෙයි.
ඉන්දියාවෙ අගමැති තුමා ආවා, ඒ ගැන අපි සතුටු වෙනවා, ඉන්දියාව එක්ක සමීපව වැඩ කරන්න ඕන. දැන් අදානිගේ ප්‍රශ්නය යට ගහන්න හොද නෑ .
සයිබර් ආරක්ෂණය පිළිබඳ සිතිය යුතුයි. ඩිජිටයිල්ශේෂන් ගැන ගැටලුවක් තිබෙනවා. අපේ රටට සයිබර් ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍යයි. සයිබර් සිකුරිටි එක ගැන මේ ආණ්ඩුව හිතන්න ඕන.