ශ්‍රී ලංකා – ඉන්දියා ඵෙතිහාසික බෞද්ධ මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් එළඹෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සඳහා ගුජරාටයේ සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවීමට ඉන්දියාව සැලසුම් කර තිබේ.
තමන් උපන් ගුජරාටි ප්‍රදේශයේ 60 දශකයේදී සිදු කරන ලද කැණීම්වලින් සර්වඥ ධාතුන් වහන්සේලා සොයා ගත් බවත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර එම ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දෙන බවත් මෙරට සංචාරයක නිරතව සිටි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මේ මාසයේ පැවැත්වෙන දළඳා ප්‍රදර්ශනයෙන් පසුව මේ අනුව මෙරට බෞද්ධ ජනතාවට වෙසක් මාසයේ සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් නැරඹීමටයද අවස්ථාව හිමි වනු ලැබේ.