Home » ජාජබ කෑගල්ල මන්ත්‍රී කෝසල අභා­ව­ප්‍රාප්ත වෙයි

ජාජබ කෑගල්ල මන්ත්‍රී කෝසල අභා­ව­ප්‍රාප්ත වෙයි

by damith
April 7, 2025 4:09 pm 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්, බුල­ත්කො­හු­පි­ටිය සමූහ- ඩබ්ලිව්. රෝහණ

ජාතික ජන බල­වේ­ගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී කෝසල ජය­වීර මහතා (38) හදි­සියේ හට ගත් හෘද­යා­බාධයක් හේතු­වෙන් කර­ව­නැල්ල මූලික රෝහ­ලේදී ඊයේ (06) අභා­ව­ප්‍රාප්ත විය.

කෑගල්ල ගුරු­ල්ල­වල කණිෂ්ඨ විද්‍යා­ල­යෙන් මූලික අධ්‍යා­පන ලැබූ කෝසල ජය­වීර මහතා පසුව ඇහැ­ලි­ය­ගොඩ ජාතික පාස­ලෙන් අධ්‍යා­ප­නය හදාරා අපොස උසස් පෙළ හදාරා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ ඉංජි­නේරු පිඨ­යට ඇතු­ළත්ව උපා­ධිය හැදෑ­රීය. කෝසල ජය­වීර මහතා විශ්ව­වි­ද්‍යා­ලයේ ශිෂ්‍ය සංග­මයේ සභා­ප­ති­ව­රයා ලෙස ද සමා­ජ­වාදී ශිෂ්‍ය සංග­මයේ ජාතික කමිටු සමා­ජි­ක­යකු ලෙස ද කට­යුතු කර තිබේ.

ජනතා විමුක්ති පෙර­මුණේ දෙහි­ඕ­විට ප්‍රාදේ­ශීය සභාවේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස කට­යුතු කළ ඒ මහතා, සමා­ජ­වාදී තරුණ සංග­මයේ කෑගල්ල දිස්ත්‍රික් සංවි­ධා­ය­ක­ව­රයා ලෙසද, ජාතික ජන බල­වේ­ගයේ කෑගල්ල දිස්ත්‍රික් විධා­යක සභික රුව­න්වැල්ල ආසන සංවි­ධා­ය­ක­ව­රයා ලෙස ද කට­යුතු කළේය. වසර 12ක දේශ­පා­ලන අත්දැ­කීම් ඇති කෝසල ජය­වීර මහතා දක්ෂ නිර්මා­ණ­ශීලී තරු­ණ­යකු ලෙස කැපී පෙනුණ අයෙකි. දේහය පිළි­බඳ අව­සන් කට­යුතු පසුව දැනුම් දෙනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT