Tuesday, April 8, 2025
Home » වැලි­කඩ OIC නෙර­පී­මට නිර්දේශ
පොලි­ස් භා­ර­යේදී සැක­ක­රු­වකු මිය­යාම:

වැලි­කඩ OIC නෙර­පී­මට නිර්දේශ

by damith
April 7, 2025 4:03 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

වැලි­කඩ පොලි­සිය භාරයේ සිටි­යදී සැක­ක­රු­වකු මිය­යාමේ සිද්ධි­යට අදා­ළව එම පොලිස් ස්ථානයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ධුර­යෙන් ඉවත් කිරී­මට අදාළ නිර්දේශ ඉදි­රි­පත් කර ඇත.

ඒ අනුව වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමි­සම වෙත ඉදි­රි­පත් කිරීම සඳහා මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු අමා­ත්‍යාං­ශය වෙත ඊයේ (6) යොමු­කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨා­සය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් පවසා ඇත්තේ මෙම සිදු­වීමේ දී රාජ­කා­රිය පැහැර හරින ලද බවට නිරී­ක්ෂ­ණය වූ පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ සහ පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුගේ වැඩ තහ­නම් කිරී­මට කට­යුතු කර තිබෙන බවයි.

ඉකුත් 1 වැනිදා රාත්‍රි­යේදී නාවල ප්‍රදේ­ශයේ නිව­ස­කට ඇතුළු වී සිටි තරු­ණ­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු කල­හ­කාරී ලෙස හැසි­රීම හේතු­වෙන් ඔහුව රෝහල් ගත කිරී­මෙන් පසු මිය ගියේය. මෙලෙස මිය ගියේ මීග­ස්කි­වුල මොර­හෙල පදිං­චිව සිටි සත්සර නිමේෂ් (25) නමැති තරු­ණ­යෙකි. එම සිද්ධි­යට අදා­ළව විම­ර්ශන කට­යුතු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ වන­විට සිදු කරනු ලබයි. එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් සාධා­රණ සහ අප­ක්ෂ­පාතී පරී­ක්ෂ­ණ­යක් සිදු කිරීම සඳහා මෙලෙස වැලි­කඩ පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා එම ධුර­යෙන් ඉව­ත්කි­රී­මට මෙම නිර්දේශ වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා විසින් ඉදි­රි­ප­ත්කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT