අනාගතයේදී ඉන්දියාව ලෝකයේ විශාලම ආර්ථිකයක් හිමි රටක් බවට පත්වන බැවින් ඔවුන් සමඟ ගනුදෙනු කිරීම අප රටට ඉතා යහපත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. බත්තරමුල්ල සිය නිෙවසේදී ඊයේ (06) පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී කරුණානායක මහතා මෙසේ ද කීය. අමෙරිකාව සමඟ පවතින වෙෙළඳාම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිත් තිබෙනවා. මෙතෙක් කාලයක් අපිට ගැටලුවක් තිබුණේ නෑ. ඒ සම්බන්ධයෙන් අමෙරිකාවට ස්තූතිවන්ත වෙනවා. නමුත් දැන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රතිගෝලීයකරණයට තල්ලු වී තිබෙනවා. අමෙරිකාව සහ අපි අතර අපනයනය සහ ආනයනය අතර පරතරය වැඩි වුණා. අපි අමෙරිකා භාණ්ඩ අමෙරිකාවෙන්ම ගේන්න ඕන නෑ. වෙනත් රටවල් හරහා ගෙන්වන්න පුළුවන්. මේ වෙලාවේ කළ යුතු හොඳම දේ අපි ඒ රට සමඟ සාකච්ඡා කළ යුතුයි. අපි ඔවුන්ගෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු 0% කළ යුතුයි. අපි එසේ නිර්මාණශීලී විය යුතුයි. මෙය සිදු වෙන්න කලින් මාර්තු මාසයේදී මා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. එවිට අනිල් ජයන්ත ඇමැතිවරයා කිව්වේ මාස දෙකකින් උත්තර දෙන්නම් කියලයි.