වසර 16 බැඟින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියමවූ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයේ මුද්‍රණ අංශයේ වැඩ සඳහා යොමු කර ඇත. එමෙන්ම එම සිරදඬුවම නියම වූ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන ද වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ මැහුම් වැඩ සඳහා යොමුකර තිබේ. හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ රඳවා සිටින අතර ඔහු (ඉරිදා / රජයේ නිවාඩු දිනවල හැර )පෙරවරු 07.00 සිට පස්වරු 04.00 පමණ දක්වා මුද්‍රණ අංශයේ වැඩවල නිරත වේ. බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම මුද්‍රණ අංශය මගින් විවිධ රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය මුද්‍රිත ද්‍රව්‍ය නිපදවීමේ කටයුතු සිදු කරනු ලබයි. කාන්තා බන්ධනාගාරයේ මැහුම් අංශය මගින් විවිධ රාජ්‍ය ආයතන සඳහා අවශ්‍ය නිල ඇඳුම් හා වෙනත් රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන අතර ශාන්ති චන්ද්‍රසේන එම අංශයේ කටයුතු සඳහා යොමු කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී. දිසානායක මහතා පවසයි.
හිරේ ගිය රංජිත් මුද්‍රණ වැඩට: ශාන්ති මහන්න දායි
by damith
April 7, 2025 4:03 pm
0 comment
බුද්ධිකා ඉඹුලාන
29