Tuesday, April 8, 2025
Home » දළදා ප්‍රද­ර්ශන සමයේ මහ­නු­ව­රට විශේෂ ආර­ක්ෂා­වක්

දළදා ප්‍රද­ර්ශන සමයේ මහ­නු­ව­රට විශේෂ ආර­ක්ෂා­වක්

මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල

by damith
April 7, 2025 8:22 am 0 comment

අසේල කුරු­ළු­වංශ

දළදා වන්ද­නාව පැවැ­ත්වෙන කාල­ව­ක­වා­නු­වේදී ශක්ති­මත් ආර­ක්ෂක ජාල­යක් මහ­නු­වර ක්‍රියා­ත්මක කරන බව මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල මහතා පව­සයි.

මල්වතු අස්ගිරි උභය මහා විහා­රීය මහ­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ දෙනම බැහැ­දැක ඊයේ (06) ඒ මහතා මේ බව දැනුම් දුන්නේය. දළදා වන්ද­නා­වට අදාළ ආර­ක්ෂක කට­යුතු මෙන්ම යටි­තල පහ­සු­කම් සම්පූර්ණ කිරීම සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිහි­ප­යක් මේ වන­විට පවත්වා තිබෙන බවත් පොලී­සි­යට අම­ත­රව, පොලිස් විශේෂ කාර්ය බළ­කාය සහ ත්‍රිවිධ හමු­දාව ද ආර­ක්ෂක කට­යුතු වෙනු­වෙන් යොදා ගන්නා බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

පොලිස් නිල­ධා­රීන් 10,000ක පමණ පිරි­සක් දළදා වන්දනා සමයේ මහ­නු­වර නග­රය ආශ්‍රි­තව සේවයේ යෙද­වී­මට සැල­සුම් කර තිබෙන අතර මහ­ජන ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා ඇතුළු ආර­ක්ෂක අංශ ප්‍රධා­නීන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් ඊයේ (06) පස්ව­රුවේ මහ­නු­ව­රදී මේ සම්බ­න්ධ­යෙන් විශේෂ සාක­ච්ඡා­වක් ද පවත්වා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT