Tuesday, April 8, 2025
Home » 2022 වසරේදී විදුලි වාහන ගෙන්වී­මේදී අක්‍ර­මි­කතා රැසක්

2022 වසරේදී විදුලි වාහන ගෙන්වී­මේදී අක්‍ර­මි­කතා රැසක්

කෝප් කමි­ටු­වේදී හෙළි­වෙයි

by damith
April 7, 2025 4:04 pm 0 comment

ස්වර්ණා විජේ­කෝන්, සන්ධ්‍යා කරු­ණා­රත්න

එතෙර රැකි­යා­වල නියුතු ශ්‍රී ලාංකි­ක­යන් එවනු ලබන විදේශ ප්‍රේෂණ මත පූර්ණ විදත් වාහන ආන­ය­නය කිරී­මට බල­පත්‍ර ලබා­දී­මේදී විශාල අව­භා­වි­ත­යක් සිදුව ඇතැයි කෝපා කමි­ටු­වේදී අනා­ව­ර­ණය වී තිබේ.

මේ පිළි­බඳ අනා­ව­ර­ණය වූයේ විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකි­යා­වල නියුතු ශ්‍රී ලාංකි­ක­යන් වෙත පූර්ණ විදත් වාහන ආන­ය­නය කිරීම සඳහා බල­පත්‍ර ලබා­දී­මට අදා­ළව 2022 මැයි 01 සිට 2023 සැප්තැ­ම්බර් 15 දින දක්වා කාලය තුළ ක්‍රියා­ත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළි­බඳ සකස් කළ විශේෂ විග­ණ­කා­ධි­පති වාර්තා සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරී­මට රජයේ ගිණුම් පිළි­බඳ කාරක සභාව (COPA) පාර්ලි­මේන්තු මන්ත්‍රී අර­වින්ද සෙන­රත් මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් පසු­ගි­යදා (02) පාර්ලි­මේ­න්තු­වේදී රැස්වූ අව­ස්ථා­වේ­දීය.

මෙසේ වාහන බල­පත්‍ර නිකුත් කිරීමේ දී මුදල් විශු­ද්ධි­ක­ර­ණ­යක් සිදුව ඇති බවට සැක­යක් පව­තින බව විග­ණ­කා­ධි­ප­ති­ව­රයා මෙහි දී අව­ධා­ර­ණය කළේය.

මෙම කාල­සී­මාව තුළ වාහන බල­පත්‍ර 1077ක් නිකුත් කර තිබූ බවත් ඉන් බල­පත්‍ර 77ක් අව­ලංගු වී තිබූ බවත් පෙන්වා දුන් විග­ණ­කා­ධි­ප­ති­ව­රයා, ප්‍රධාන ආය­තන දෙකක් බල­ප­ත්‍ර­ලා­භීන් 640ක් සඳහා පහ­සු­කම් සප­යන ආන­ය­න­කරු ලෙස කට­යුතු කර ඇති බවට කමි­ටු­වට අනා­ව­ර­ණය කළේය.

මෙම­ඟින් බල­පත්‍ර නිකුත් කිරීමේ මුවා­වෙන් ව්‍යාපා­ර­යක් සිදුව ඇති බව පැහැ­දිලි වන බව ද ඒ මහතා අව­ධා­ර­ණය කළේය.

එසේම 2024 සැප්තැ­ම්බර් 30 දක්වා ආන­ය­නය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝ­ප­භෝගී බදු නිද­හස් සීමාව රුපි­යල් මිලි­යන 6 සිට 12 දක්වා ඉහළ දැමීම හේතු­වෙන් රජ­යට අහිමි වූ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 2.42ක් බව ද මෙහිදී විග­ණ­කා­ධි­ප­ති­ව­රයා පෙන්වා දුන්නේය.

අදාළ කාල සීමාවේ විදේ­ශ­ගත නොවූ පුද්ග­ල­යන් හත­ර­දෙ­නකු වෙනු­වෙන් ද විදත් වාහන බල­පත්‍ර නිකුත් කර ඇති බවට මෙහි දී අනා­ව­ර­ණය විය. මීට අදාළ චක්‍ර­ලේ­ඛය මඟින් විදත් වාහන බල­පත්‍ර හිමි­කම ලැබී­මට විදේ­ශ­ග­තව සිටිය යුතු අවම කාල­සී­මා­වක් නිශ්චය කර නොති­බීම නිසා දින 3 සිට මාස 3ක් දක්වා වූ කෙටි කාල පරි­ච්ඡේ­දය තුළ විදේ­ශ­ග­තව සිට පැමිණි පුද්ග­ල­යන්ට හා කඩින්කඩ විදේ­ශ­ගත වූ පුද්ග­ල­යන් සඳහා ද මෙම යෝජනා ක්‍රමය යටතේ බල­පත්‍ර ලබා­දී­මට පෙර පැවැති කම්කරු හා විදේශ රැකියා අමා­ත්‍යාං­ශය කට­යුතු කර ඇති බව මෙහි දී අනා­ව­ර­ණය විය.

කෝපා කාරක සභාවේ සභා­ප­ති­ව­රයා පෙන්වා දුන්නේ හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ අව­ශ්‍ය­තාව මත අමා­ත්‍යාං­ශයේ හිටපු ලේක­ම්ව­රයා විසින් මෙම සියලු අවි­ධි­මත් කට­යුතු සිදු කර දී ඇති බවය. එසේම මේ හර­හා‍ ­ත­මන්ගේ තෝරා ගත් පිරි­ස­කට වර­ප්‍ර­සාද සකසා දීමක් සිදු කර ඇති බව පෙනී යන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

තවද පැමිණ සිටි නිල­ධා­රි­යෙක් මෙහි දී පෙන්වා දුන්නේ රාජ්‍ය සේව­ක­යෙක් ලෙස සෘජුව කට­යුතු කිරීමේ නොහැ­කි­යා­වක් මෙම යෝජනා ක්‍රම­යට අනු­බ­ද්ධව සේවය කිරීමේ දී ඇති වූ බවත් මේ හේතු­වෙන් තමන් සේවා මාරු­වක් ලබා­ගත් බවත්ය.

ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් අභ්‍ය­න්තර පරී­ක්ෂ­ණ­යක් පවත්වා මාස­යක් ඇතු­ළත වාර්තා­වක් ලබා දෙන ලෙස සහ මීට අදාළ අක්‍ර­මි­ක­තා­ව­ලට සම්බන්ධ නිල­ධා­රීන් වෙනු­වෙන් විනය ක්‍රියා­මාර්ග ගන්නා ලෙස කෝපා කමි­ටුව නිර්දේශ කළේය.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමා­ජික නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රුන් වන මේජර් ජෙන­රාල් (විශ්‍රා­මික) අරුණ ජය­සේ­කර, නලීන් හේවගේ, සුගත් තිල­ක­රත්න, කාරක සභා සාමා­ජික මන්ත්‍රී­ව­ර­යන් වන කබීර් හෂීම්, (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බු­ල්ලාහ්, චන්දන සූරි­ය­ආ­රච්චි, නීතිඥ සාග­රිකා අතා­වුද, ඔෂානි උමංගා, දිනිඳු සමන් හෙන්නා­යක, ටී.කේ. ජය­සු­න්දර, මංජුල සුර­වීර ආරච්චි, රුව­න්ති­ලක ජය­කොඩි සහ ලාල් ප්‍රේම­නාත් මහත්ම මහ­ත්මීන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු පිරි­සක් සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT