Monday, April 7, 2025
Home » ගුණා­ත්මක සෞඛ්‍ය සේවා­වක් ජනතාවට ඉක්මනින්ම ලබා දෙනවා

ගුණා­ත්මක සෞඛ්‍ය සේවා­වක් ජනතාවට ඉක්මනින්ම ලබා දෙනවා

සෞඛ්‍ය ඇමැති නලින්ද ජය­තිස්ස

by damith
April 7, 2025 4:04 pm 0 comment

සන්ධ්‍යා කරු­ණා­රත්න

රජයේ රෝහල් පද්ධ­තිය ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක් කර මෙරට ජන­තා­වට කෙටි කාල­යක් තුළ ගුණා­ත්මක කාර්ය­ක්ෂම ප්‍රති­කාර සේවා­වක් ලබා­දී­මට පිය­වර ගන්නා බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ රෝහල පුර­වැ­සි­යාට සුව­ප­හසු, සමීප කාර්ය­ක්ෂම සේවා සප­යන තැනක් බවට පත්ක­ර­ලීම සඳහා සෞඛ්‍ය වෘත්ති­ක­යන්ට වෘත්තී­ය­ම­ය­භා­වය ලබා­දෙ­මින්, මෙරට රජයේ රෝහල් පද්ධ­තිය නව්‍ය­ක­ර­ණ­යට හා ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක්ක­රන බව ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය තොර­තුරු තාක්ෂණ පද්ධ­තිය නිල වශ­යෙන් ජන­ගත කිරීමේ සහ රෝහල් රසා­ය­නා­ගා­රයේ පටක විද්‍යා අංශය ප්‍රමි­ති­ක­ර­ණය ලබා ගැනීම සඳහා රෝහලේ පැවති විශේෂ උත්ස­ව­ය­කට සහ­භාගී වෙමින් ඇමැ­ති­ව­රයා මේ බව පැව­සු­වේය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු, සායන, ශල්‍යා­ගාර, රසා­ය­නා­ගාර, විකි­රණ අංශය ඇතුළු ‌රෝහලේ සිය­ලුම ඒකක හා අංශ, පූර්ණ වශ­යෙන් මේ වන විට ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක් කර ඇත.

ප්‍රමි­ති­ගත රසා­ය­නා­ගාර සේවා­වක් ජන­තා­වට ලබා දීම අර­මුණු කර ගනි­මින් මීට වස­ර­කට පමණ පෙර ශ්‍රී ලංකා ප්‍රතී­තන මණ්ඩ­ලය (SLAB) මඟින් රසා­ය­නා­ගාර වෙත පිරි­නැ­මෙන ප්‍රමි­ති­ක­ර­ණය ලබා ගැනී­මට රිජ්වේ ආර්යා ළමා රෝහල් රසා­ය­නා­ගා­රයේ පටක විද්‍යා අංශය අය­දුම් කර ඇති අතර රජයේ රෝහ­ලක රසා­ය­නා­ගා­ර­යක් ප්‍රමි­ති­ක­ර­ණ­යට ලක් වූ පළමු අව­ස්ථාව මෙය වේ.

සමස්ත රාජ්‍ය සේවා­වම ඩිජි­ට­ල්ක­ර­ණට ලක්කර මහ­ජ­න­තා­වට ඉතා පහසු කාර්ය­ක්ෂම සේවා­වක් බවට පත් කිරීම වත්මන් රජයේ බලා­පො­රො­ත්තුව බවත්, ලක්ෂ එක­හ­මා­රක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩ­ලයේ තොර­තුරු ඇතුළු මානව සම්පත් කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට තාක්ෂ­ණය යොදා ගැනීම, ඩිජි­ටල් සෞඛ්‍ය වාර්තා වඩාත් සම්බ­න්ධ­යක් සහි­තව දියුණු කිරීම, ඖෂධ සැප­යුම් ජාලය තාක්ෂ­ණය සමඟ විධි­මත් කිරීම පිළි­බ­ඳව පූර්ණ අව­ධා­නය යොමු කර­මින් ඩිජි­ට­ල්ක­ර­ණ­යට ලක් කිරී­මට කට­යුතු කරන බව අමා­ත්‍ය­ව­රයා මෙහිදී අව­ධා­ර­ණය කර සිටි­යේය.

රෝගී බවට පත්වෙන පුර­වැ­සි­යාට ලබා දිය හැකි ඉහ­ළම සත්කා­රය, පිළි­ගැ­නීම ලබා­දීම සෞඛ්‍ය වෘත්ති­ක­යන්ගේ වග­කී­මක් බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය යටතේ සේවය කරන සිය­ලු­දෙ­නාට අවශ්‍ය කරන වෘත්තී­ම­ය­භා­වය ලබා­දෙ­මින් රෝගි­යාට ඉහ­ළම සත්කා­ර­යක් ලබා­දී­මට අවශ්‍ය පරි­ස­රය නිර්මා­ණය කරන බව ද පැව­සීය.

ඒ සඳහා මෙරට රජයේ රෝහල් පරිශ්‍ර ඉංජි­නේරු ශිල්පීය සහ ගෘහ නිර්මාණ ශීල්පී­ය­තාව යොදා­ගෙන රෝහ­ලක් ලෙස නිර්මා­ණා­ත්මක, දැකු­ම්කලු ස්ථාන­යක් බවට පත් කිරීම කෙරෙහි ද වත්මන් රජයේ පූර්ණ අව­ධා­නය යොමුව ඇති බව ඇමැ­ති­ව­රයා පැව­සු­වේය.

ඉතාම කැල­ඹි­ලි­ස­හ­ගත කාල පරි­ච්ඡේ­ද­යක් පසු­කර වර්ත­මා­නයේ සාම­කා­මීව යාත්‍රා කරන මෙරට සෞඛ්‍ය සේවාව අද පව­තින තත්ත්ව­යට ගෙන ඒමේ දී රෝහල් පරි­පා­ල­නය මෙන්ම විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාගේ සිට සිය­ලුම කාර්ය මණ්ඩ­ලය දක්වා වූ දාය­ක­ත්වය, කැප­වීම සම්බ­න්ධ­යෙන් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ක්ෂේත්‍රය නමැති යාත්‍රාව නිවැ­රදි දිශා­වට පැද­යා­මට දායක වූ පිරි­සට විශේෂ ස්තූති­යක් පිරි­නැ­මී­මට මෙය අව­ස්ථා­වක් කර ගන්නා බව ද ඇමැ­ති­ව­රයා පැව­සීය.

සෞඛ්‍ය තොර­තුරු තාක්ෂණ පද්ධ­තිය ස්ථාපිත කිරී­මේදී ඒ වෙනු­වෙන් අප­රි­මිත කැප­වී­මක්, සේවා­වක් සිදු කළ සෞඛ්‍ය තොර­තුරු සන්නි­වේ­ද­නය පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය උදිත පෙරේරා, රෝහල් රසා­ය­නා­ගා­රයේ පටක විද්‍යා අංශයේ ප්‍රධානී පට­ක­වේදී විශේ­ෂඥ වෛද්‍ය සදලි ගුණ­රත්න මහත්ම මහ­ත්මීන් මෙහිදී විශේෂ ඇග­යී­ම­කට ලක් කළ අතර සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා විසින් ඔවුන්ට සමරු තිළිණ ප්‍රදා­නය කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

රෝහලේ රෝගී සත්කාර සේවා­වන් සිදු වන ආකා­රය පිළි­බ­ඳව සොයා බැලීම සඳහා අමා­ත්‍ය­ව­රයා රෝහල් පරි­ශ්‍රයේ විශේෂ නිරී­ක්ෂ­ණ­යක නිරත වීම ද මෙහිදී සිදු­කෙ­රිණි.

මෙම අව­ස්ථා­වට සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් විශේ­ෂඥ වෛද්‍ය කුමාර වික්‍ර­ම­සිංහ, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨා­ධි­පති මහා­චාර්ය වජිර දිසා­නා­යක, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය ජී. විජේ­සූ­රිය, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය ජය­සු­න්දර බණ්ඩාර මහ­ත්ව­රුන් ද, විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්, වෛද්‍ය­ව­රුන්, හෙද හෙදි­යන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝ­ජ­නය කර­මින් පිරි­සක් සහා­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT