පසුගිය 04 වැනිදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු ඇනුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, මෙම රැඳවූවා මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතින බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සියලුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අදාළ නිලධාරින්ට මේ වනවිට උපදෙස් ලබා දී ඇත.