පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන බවත් 7000ක පමණ කාර්ය මණ්ඩලය ඡන්ද පත්‍රිකා බෙදීමට සූදානම් බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ඒ අනුව, ඊයේ (06) සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් කීවේය.
අද (07) තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු තැපෑලට ලැබෙන බව කියා සිටි ඒ මහතා, නිල ඡන්ද පත්‍රිකා ලබන 16 ලැබෙන බවත් විශේෂ ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනයක් ලෙස ලබන 20 වැනිදා ඉරිදා නම් කර ඇති බවත් කීවේය.
දිවයින පුරා ඇති තැපැල් කාර්යාල 653ක්, උප තැපැල් කාර්යාල 3335ක්, ලිපි බෙදීම් කාර්යාල 2102ක් මේ සඳහා සූදානම් බව ද හෙතෙම කියා සිටියේය.
තැපැලේ ඇති වාහන ඇණිය 200ක් බව කියා සිටි ඒ මහතා අවශ්‍යතාව මත මේ වාහන යොදවන බවත් නිල ඡන්ද දැන්වීම් ප්‍රතිකා භාරදුන් පසුව බාහිරින් වාහන ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.