Monday, April 7, 2025
Home » ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආර­ක්ෂාව මුළු­ම­නින්ම එකට බැඳී තිබෙ­නවා

ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආර­ක්ෂාව මුළු­ම­නින්ම එකට බැඳී තිබෙ­නවා

- ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි

by damith
April 7, 2025 4:04 pm 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

ශ්‍රී ලංකා භූමිය හෝ අවට සාග­රය ඉන්දි­යාවේ ආර්ථි­ක­යට හානි­කර අන්ද­මින් යොදා ගැනී­මට ඉඩ නොදෙන බවද ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආර­ක්ෂාව මුළු­ම­නින්ම එකට බැඳී තිබෙන බවද ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රි මහතා ප්‍රකාශ කරයි.

කොළඹ දී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඉන්දීය විදේශ ලේක­ම්ව­රයා මේ බව සඳ­හන් කළේය. දෙදින නිල සංචා­ර­යක් සඳහා ශ්‍රී ලංකා­වට පැමිණි ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ වික්‍රම් මිශ්‍රි මහතා ද මෙර­ටට පැමි­ණි­යේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ආර­ක්ෂාව මුළු­ම­නින්ම එකට බැඳී තිබෙන බවත් අප අතර සමීප සබ­ඳ­තාව දෙපා­ර්ශ්ව­යම පිළි­ගත් කරු­ණක් බවත් ය.

නව­දිල්ලි චාරි­කා­වේදී හා මෙම සංචා­රයේ දී මෙන්ම තවත් බොහෝ අව­ස්ථා­වල දී පැහැ­දි­ලි­වම සඳ­හන් කළ කාර­ණ­යක් ලෙස ශ්‍රී ලංකා භූමිය ඉන්දි­යාවේ අස­ල්වැ­සි­යන්ට අන­ර්ථ­දා­යක අන්ද­මින් යොදා නොගත යුතු බව සහ ඒ සඳහා ඉඩ ලබා නොදිය යුතු බව ද සඳ­හන් කළේය.

මෙය ශ්‍රී ලංකා භූමිය හෝ අවට සාග­රය ඉන්දි­යාවේ ආර්ථි­ක­යට හානි­කර අන්ද­මින් යොදා ගැනී­මට ඉඩ නොදෙන බවට ශ්‍රී ලංකාවේ පැවැති සාක­ච්ඡා­ව­ලදී යළි අව­ධා­ර­ණය කළ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT