අමෙරිකාව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් 02 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද එරට නව බදු සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් හා සම්බන්ධ ක්ෂේත්‍ර පහකට විශාල බලපෑමක් සිදුවන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
කොළඹ 05, නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (06) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ කීය.
අමෙරිකාව විසින් පනවන ලද තම බදු සංශෝධන තනිව ශ්‍රී ලංකාව ඉලක්ක කොට ඉදිරිපත්කොට නැතැයි ද එම සංශෝධන සමඟින් ලෝකයේ රටවල් 185කටම බලපෑම් සිදුවන බව ද ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.
එමෙන්ම මේ බදු සංශෝධනයන් ගැන ඉකුත් 02 වැනිදාට පෙර අෙමරිකාව සමඟ සාකච්ඡා කරන්නට ශ්‍රී ලංකාවේ රජයට ඉඩ තිබුණායැයි ද රජය එසේ සිදු කළේ නැතැයි ද ඇතැමකු නඟන චෝදනාව මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම මාධ්‍ය හමුවේදී කරුණු ගෙන හැර දක්වා පැහැදිලි කරමින් ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකාවේ රජය හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ බලධාරීහු අෙමරිකාව ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කළ දිනදාම ඔවුන් සමඟ ඉහළපෙළේ සාකච්ඡා ආරම්භ කළ බව කී ඇමැතිවරයා, අෙමරිකාව සමඟ ගනුදෙනු කරන රටවල වෙළෙඳ පරතරය අඩුකිරීමේ අරමුණින් කළ එම සංශෝධන නිසා ඇතිවන බලපෑමෙන් මිදීමට හෙටත් (08) ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වෙන බව කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ බදු සංශෝධනවලින් වන බලපෑම සමනය කර ගැනීමට රජයක් ලෙස අපට ගතහැකි ක්‍රියාමාර්ග පෙන්වා දීමට ඉහළපෙළේ තාක්ෂණික කමිටුවක් පත් කළ බවත්, එම කමිටුව හා අෙමරිකානු බලධාරීන් හෙට සාකච්ඡා කරන බවත් කී මහාචාර්යවරයා,
ශ්‍රී ලංකාව අෙමරිකාව සමඟ වෙළෙඳ පරතරය ඉතා ඉහළ රටවල් 60ක් සහිත නාම ලේඛනයේ හෝ අෙමරිකාව සමඟ ගනුදෙනුවල යෙදෙන අයහපත් රටවල් 15 සහිත නාම ලේඛනයේ හෝ ශ්‍රී ලංකාවේ නම සඳහන්ව නැතැයි කීවේය.
ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන ඇගලුම් හා රෙදිපිළි, ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන, සැකසූ ආහාරපාන, මැණික්, ස්වර්ණාභරණ සහ රසායනික ද්‍රව්‍ය යන ක්ෂේත්‍ර පහට මින් විශාල බලපෑමක් සිදු වෙනවා.
අප පත්කළ ඉහළ පෙළේ තාක්ෂණික කමිටුව මේ දිනවල ඉතා වෙහෙස මහන්සි වී සොයා බලන්නේ මේ බලපෑම අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග රජයට නිර්දේශ කිරීමටයි. අප ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී මේ පිළිබඳව කරුණු, සාකච්ඡා කිහිපයක් කළා. ඒ අෙමරිකාව මේ බදු යෝජනාව ගෙන ආ දවසේ සිටයි.
මේ තීරුබදු යෝජනාව මේ 09 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. අෙමරිකාව ඔවුන් සමඟ ගනුදෙනු කරන රටවල වෙළෙඳ පරතරය අඩු කිරීමටයි මේ යෝජනාව ගෙන ආවේ.
මුදල් හා ක්‍රමසම්පාදන රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,
අමෙරිකාව මේ බදු සංශෝධනය සිදු කළේ ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන නොවෙයි. ඔවුන්ට අවශ්‍යයි විදේශ වෙළෙඳාම දැඩි පරතරයකින් තොරව සෑම රටක් සමඟම සිදු කරන්න. ඒ සඳහායි ඔවුන් මේ දේ කළේ.
මෙයින් වන බලපෑම අවම කිරීමට සෑම රටක්ම අමෙරිකාව සමඟ සාකච්ඡා කරනවා. අපිත් ඒ ගැන ඉතා සුහදශීලීව සාකච්ඡා කරනවා.
අමෙරිකාවයි අපේ රටයි අතර වෙළෙඳාම වැඩිදියුණු වෙන්න ඕනෑ. ඒ සඳහා අප සහයෝගයෙන් කටයුතු කරනවා.
සමුපකාර, වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්ද්‍රන්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර යන මහත්වරු ද මෙයට සහභාගි වී සිටියහ.