22
රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ සඳහා සියලු රාජ්‍ය ආයතනවල ප්රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් කොමිසම හමුවට කැඳවා ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට නියමිත බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය. දැනුම්වත් කිරීමේ වැඩසටහනට අදාළ රාජ්‍ය නිලධාරීන්ට ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බව ද සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේය.