Home » හිස­කෙස් වර්ණක ව්‍යාජව සක­සන ස්ථාන­යක් මට්ට­ක්කු­ලි­යෙන් අල්ලයි

හිස­කෙස් වර්ණක ව්‍යාජව සක­සන ස්ථාන­යක් මට්ට­ක්කු­ලි­යෙන් අල්ලයි

by damith
April 7, 2025 4:00 pm 0 comment

මලිඳු තෙන්න­කෝන්

මෝදර,මට්ට­ක්කු­ලිය ප්‍රදේ­ශයේ හිස­කෙස් වර්ණක ව්‍යාජ ලෙස සකස් කර­මින් තිබූ ස්ථාන­යක් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය විසින් පසු­ගි­යදා(02) වට­ලනු ලැබීය. ඒ පාරි­භෝ­ගික අධි­කා­රි­යට ලද පැමි­ණි­ල්ල­කට අනු­වය. දිව­යිනේ ප්‍රසිද්ධ වෙළෙඳ නාම­යක් වන එම නිෂ්පා­ද­නයේ සත්‍ය හිමි­කරු විසින් ග්‍රෑම් 21ක අසු­ර­ණ­ව­ලින් තම නිෂ්පා­දන වෙළෙ­ඳ­පො­ළට ඉදි­රි­පත් කළ ද ව්‍යාජ සැප­යු­ම්කරු විසින් සත්‍ය නිෂ්පා­ද­ක­යාගේ නම, ලිපි­නය ඇතුළු තොර­තුරු සහ ආර­ක්‍ෂිත ස්ටික­රයේ තොර­තුරු ඒ ආකා­ර­යෙන්ම ඇතු­ළත් කර­මින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ග්‍රෑම් 7,8,9,10 ප්‍රමා­ණ­ව­ලින් එම හිස­කෙස් වර්ණක වෙළෙ­ඳ­පො­ළට නිකුත් කර තිබිණි.

ඒ අනුව නීති විරෝධී ලෙස කට­යුතු කර­මින් ආන­ය­නය කරන ලද වෙනත් නිෂ්පා­ද­න­යක්, සත්‍ය නිෂ්පා­ද­ක­යාගේ හිස­කෙස් වර්ණක සමඟ මිශ්‍ර කර­මින් වසර ගණ­නා­වක් මේ ව්‍යාපා­රය කර­ගෙන ගොස් තිබේ. අදාළ ව්‍යාජ නිෂ්පා­ද­නයේ ඇමෝ­නියා අඩංගු නොවන බව සඳ­හන් කර තිබුණ ද ඒ සම්බ­න්ධව තව­දු­ර­ටත් විම­ර්ශන සිදු කරන අතර වැට­ලී­මේදී නිල­ධා­රීන් භාර­යට ගනු ලැබූ වෙළෙ­ඳ­පොළ වටි­නා­කම රුපි­යල් මිලි­යන 28ක් පමණ වන ව්‍යාජ නිෂ්පා­දන අඩංගු ඇසු­රුම් 130,000ක තොගය ඉදි­රි­යේදී අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර, නඩු පැව­රී­මට නිය­මිත බව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රිය පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT