Tuesday, April 8, 2025
Home » රට රැකියා දෙනවා කියා රජයේ ලිපි ශීර්ෂ අයථා විදි­යට භාවිත කරලා

රට රැකියා දෙනවා කියා රජයේ ලිපි ශීර්ෂ අයථා විදි­යට භාවිත කරලා

වයඹ පළාත් සභා සභා­ප­තිට එරෙ­හිව ජාතික ජන­බ­ල­වේග කුරු­ණෑ­ගල මන්ත්‍රීන් වයඹ ආණ්ඩු­කා­ර­ව­රයා හමු­වී­මට යයි

by damith
April 7, 2025 4:00 pm 0 comment

කුරු­ණෑ­ගල අති­රේක - පුෂ්ප­කු­මාර ජය­රත්න

ජපා­නයේ සහ කොරි­යාවේ රැකියා ලබා දෙන බව සඳ­හන් කර­මින් පව­ත්වා­ගෙන යන පෞද්ග­ලික වැඩ­ස­ට­හ­න­කට වයඹ පළාත් සභාවේ සභා­පති ටිකිරි අධි­කාරි මහතා පළාත් සභාවේ රාජ්‍ය ලිපි ශීර්ෂ අයථා ලෙස භාවිත කර­මින් සිටින බවට ජාතික ජන­බ­ල­වේ­ගය පක්ෂයේ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වයඹ පළාත් ආණ්ඩු­කාර තිස්ස වර්ණ­සූ­රිය මහ­තාට දැනු­ම්දී­මට පිය­වර ගෙන ඇත.

පොල්ග­හ­වෙල ආස­නය නියෝ­ජ­නය කර­මින් විප­ක්ෂ­යට සම්බ­න්ධව දේශ­පා­ල­නයේ නියැළී සිටින සභා­පති ටිකිරි අධි­කාරි මහතා මෙවැනි පෞද්ග­ලික කර්ත­ව්‍ය­යක් සඳහා පළාත් සභාවේ ලිපි ශීර්ෂ භාවිත කිරීම නීති­වි­රෝධී කාර­ණ­යක් බව ඔවුන් පෙන්වා දී ඇත. ඔහු තමන්ගේ නමින් පෞද්ග­ලි­කව පව­ත්වා­ගෙන යන පද­න­මක් වෙනු­වෙන් පළාත් සභාවේ ලිපි ශීර්ෂ මෙලෙස අයථා ලෙස යොදා ගනි­මින් සිටින බවට ඔවුහු චෝදනා කරති.

ජපන් හා කොරි­යානු රජ­යන් විසින් ලබා දෙන රැකියා සඳහා සංවි­ධාන කරන භාෂා පාඨ­මා­ලා­වට සහ­භා­ගි­ව­න්නන්ට ශිෂ්‍යත්ව ප්‍රදා­න­යන් ලබා­දෙන බව ද එම ලිපි මඟින් දන්වා ඇති බව ද කියති. ජපන් සහ කොරියා රැකියා බලා­පො­රොත්තු වන අයට නොමිලේ භාෂා පුහු­ණුව ලබා දෙන බවත් තම පද­නමේ සම්ම­න්ත්‍ර­ණ­ව­ලට සහ­භාගි වන ජපා­නයේ සහ කොරි­යාවේ රැකි­යා­ව­ලට යාමට කැමති අයගේ අයැ­දු­ම්පත් එහිදී බාර ගන්නා බවත් එම ලිපි මඟින් දැනුම් දී ඇතැයි ද පැවසේ.

මේ කරුණ සම්බ­න්ධ­යෙන් වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ඉන්දික ඉල­න්කෝන් මහ­තා­ගෙන් කළ විම­සී­ම­කදී ඔහු පැව­සුවේ මේ සම්බ­න්ධ­යෙන් මේ වන­විට තමන්ට ද පැමි­ණිලි කිහි­ප­යක්ම ලැබී ඇති බැවින් ඒ පිළි­බ­ඳව වයඹ පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා දැනු­ම්වත් කිරී­මට පිය­වර ගත් බවය.

මීට වසර කීප­ය­කට පමණ ඉහ­තදී ද මේ අකා­ර­ය­ටම වයඹ පළාත් සභාවේ ලිපි ශීර්ෂ අයථා ලෙස භාවිත කර­මින් පෞද්ග­ලික සම්ම­න්ත්‍රණ පැවැ­ත්වීම පිළි­බ­ඳ­වද මේ සභා­ප­ති­ව­ර­යාට එරෙ­හිව චෝදනා එල්ල විය. මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ වයඹ පළාත් සභාවේ උසස් නිල­ධා­රි­යෙක් කියා සිටියේ මෙලෙස පළාත් සභාවේ ලිපි ශීර්ෂ තම පෞද්ග­ලික කට­යු­ත්ත­කට යොදා ගැනීම නීති­වි­රෝධී මෙන්ම සදා­චාර විරෝධී ක්‍රියා­වක් ද වන බවයි. මේ කරුණ සම්බ­න්ධ­යෙන් ජාතික ජන­බ­ල­වේ­ගයේ නියෝ­ජි­ත­යන් පිරි­සක් අද (7) ආණ්ඩු­කා­ර­ව­රයා හමුවී සාකච්ඡා කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT