Monday, April 7, 2025
Home » බදු අර්බු­ද­යෙන් රට මුදා­ගන්න විශේ­ෂ­ඥ­ පිරි­සක් අමෙ­රි­කා­වට යවන්න

බදු අර්බු­ද­යෙන් රට මුදා­ගන්න විශේ­ෂ­ඥ­ පිරි­සක් අමෙ­රි­කා­වට යවන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස

by damith
April 7, 2025 4:04 pm 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

අමෙ­රිකා එක්සත් ජන­පද රජය පනවා ඇති බදු නිසා ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ නියැ­ළෙ­න්නන් බර­ප­තළ ප්‍රශ්න­ය­කට මුහු­ණ­දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

ඒ මහතා මේ බව පැව­සුවේ ශ්‍රී ලංකා ඒකා­බද්ධ ඇඟ­ලුම් සංගම් සංස­දය සමඟ විපක්ෂ නායක කාර්යා­ල­යේදී පෙරේදා (05) පැවති හමු­ව­ක­දීය.

ඇඟ­ලුම් ක්ෂේත්‍රයේ 350,000ක පමණ ඍජු හා මිලි­ය­න­යක් පමණ වක්‍ර රැකියා බිහි කරන අයට මේ නිසා බර­ප­තළ හානි­යක් සිදු­වන බවත් විපක්ෂ නාය­ක­ව­රයා පැව­සීය. මේ තත්ත්ව­යෙන් රට මුදා­ගැ­නී­මට විශේ­ෂඥ දැනුම සහිත දූත පිරි­සක් අමෙ­රි­කා­වට යොමු කර පුළුල් සාක­ච්ඡා­වක් සිදු කරන්න ඕනෑ. රටේ ප්‍රති­ප­ත්ති­මය ප්‍රති­චා­රය විධි­මත්ව ඉදි­රි­පත් කර අප­න­යන ආරක්ෂා කර­ගත යුතුයි. ආක­ර්ෂ­ණීය යෝජනා ඉදි­රි­පත් කළ යුතුයි.

එසේම මෙම තත්ත්ව­යට මුහු­ණ­දෙන ආසි­යානු කලා­පයේ රට­වල් සමඟ එකතු වී ලෝක වෙළෙඳ සංවි­ධා­නය සමඟ ඒකා­බද්ධ වැඩ­පි­ළි­වෙ­ළ­කට යා යුතුයි. ඊට අම­ත­රව රට තුළ දේශ­පා­ලන භේද­භි­න්න­තා­ව­ලින් තොරව පොදු ප්‍රති­ප­ත්ති­යක් හා අව­බෝ­ධ­තා­වක් ඇති කර­ගෙන දේශීය එක­ඟ­තා­වක් ද ඇති කර­ගත යුතුයි.

එමෙන්ම වෙළෙඳ ක්ෂේත්‍රය යන මාතෘ­කාව යටතේ ජව­ස­ම්පන්න දේශීය යන්ත්‍ර­ණ­යක් ස්ථාපිත කර ජාත්‍ය­න්තර වෙළෙඳ සබ­ඳතා අප­න­යන ප්‍රව­ර්ධ­නය යන ක්ෂේත්‍ර සම්බන්ධ වෙන­මම රාජ්‍ය ආය­ත­න­යක් හරහා කට­යුතු කළ යුතුව තිබෙ­නවා. අමෙ­රි­කා­වට එවැනි ආය­තන හා නිල­ධා­රීන් සිටින නිසා අප රටට ද අව­ශ්‍යයි. ඊට අම­ත­රව රටට සාපේක්ෂ වාසි සහිත නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම්ව­ලට පිවි­සී­මත් ඍජු විදේශ ආයෝ­ජන සඳහා ඇති බාධා යල්පැ­න­ගිය නීති­රීති රෙගු­ලාසි ඉවත් කර විදේශ ආයෝ­ජන ආක­ර්ෂ­ණය කරන කේන්ද්‍ර­ස්ථා­න­යක් බවට පත් කළ යුතු යැයි ද හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT