Home » ශ්‍රී ලංකාවේ ‘මිත්‍ර විභූ­ෂණ’ය කෝටි 140ක් වූ ඉන්දි­යානු ජන­තා­වට ලැබුණු සම්මා­න­යක්

ශ්‍රී ලංකාවේ ‘මිත්‍ර විභූ­ෂණ’ය කෝටි 140ක් වූ ඉන්දි­යානු ජන­තා­වට ලැබුණු සම්මා­න­යක්

ආචා­රය පුද­මින් ඉන්දීය අග­මැති කියයි

by damith
April 7, 2025 4:05 pm 0 comment

උපාලි කරු­ණා­රත්න

ශ්‍රී ලාංකේය ජන­තාව වෙත දක්වන මිත්‍ර­ත්වය සහ සහ­යෝ­ගි­තාව අග­ය­මින් මිත්‍ර විභූ­ෂණ සම්මා­න­යෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞර­ව­යක් බවත්, එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දි­යානු ජන­තා­වට ලැබුණු සම්මා­න­යක් බවත්, ඒ පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­ව­ර­යාට, ශ්‍රී ලංකා රජ­යට හා ජන­තා­වට තම ආචා­රය පුද කරන බවත් ඉන්දි­යානු අග­මැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පැව­සීය.

ඉන්දි­යානු අග­මැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා මේ බව ප්‍රකාශ කළේ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සමඟ පෙරේදා (05) ජනා­ධි­පති කාර්යා­ලයේ පැවති නිල හමු­වෙන් අන­තු­රුව පැවති ඒකා­බද්ධ මාධ්‍ය සාක­ච්ඡා­වේ­දීය.

‘තිරු­ව­ලු­වර්’ නම් කවි­යාගේ වද­නක් උපුටා දක්ව­මින් ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේ සත්‍ය මිතු­රකු සහ ඔහුගේ මිත්‍ර­ත්ව­යට වඩා වෙනත් සුර­ක්ෂා­වක් නැති බවයි.

ඒ අනුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඔහුගේ පළමූ විදෙස් සංචා­ර­යට ඉන්දි­යාව තෝරා ගැනීම දෙරට අතර පව­තින ගැඹුරු මිත්‍ර­ත්වයේ පිළි­බි­ඹු­වක් බවත්, ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පළමු විදෙස් මිතුරා වන්නට තමන්ට අව­ස්ථාව ලැබුණු බවත් ඉන්දි­යානු අග්‍රා­මා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේය.

භාර­තයේ (සබ්බා සාත් – සබ්බා විකාස්) දැක්ම අනුව, තමන් අස­ල්වැසි දේශ­යන්හි ප්‍රග­ති­යට සහාය ලබා­දෙන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යේදී පොලී අනු­පාත අඩු කිරී­මට තීර­ණය කර ඇති බවත් පැවසූ ඉන්දි­යානු අග්‍රා­මා­ත්‍ය­ව­රයා, එම­ඟින් ශ්‍රී ලංකාවේ ජන­තා­වට සහ­න­දායි තත්ත්ව­යක් ලැබෙනු ඇති බවද ප්‍රකාශ කළේය.

භාර­තය සහ ශ්‍රී ලංකාව අතර සිය­වස් ගණ­නක ආධ්‍යා­ත්මික සහ ආත්මීය සබ­ඳ­තා­වක් ඇති බව ද, එය තහ­වුරු කර­මින් 1960දී ගුජ්රා­ට්ව­ලින් හමු වූ බුදුන් වහ­න්සේගේ ධාතු බැති­ම­තුන්ට වැඳ­පුදා ගැනී­මට සැලැ­ස්වී­මට බලා­පො­රොත්තු වන බව ද ශ්‍රී ලංකා­වට වැඩම කර­වී­මට කට­යුතු කරන බව ද ඉන්දීය අග්‍රා­මා­ත්‍ය­ව­රයා පැව­සීය.

එසේම ත්‍රිකු­ණා­ම­ලය තිරු­කෝ­නේ­ෂ්ව­රම්, අනු­රා­ධ­පුර පූජ­නීය නග­රය, සීතා­එ­ළිය කෝවිල යන ආග­මික සිද්ධ­ස්ථාන ප්‍රති­සං­ස්ක­ර­ණය කිරී­මට ඉන්දි­යාවේ සහාය ලබා දෙන බව ද ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

භාර­තය සහ ශ්‍රී ලංකාව අතර ඓති­හා­සික සබ­ඳ­තා­වක් සහ ගැඹුරු මිත්‍ර­ත්ව­යක් ඇති බවත්, 2019 වස­රේදී ගිය­වර සිදුවූ සංචා­රය අති­ශය සංවේදී කාල­යක සිදුවූ බවත් පෙන්වා දුන් අග්‍රා­මා­ත්‍ය­ව­රයා, අග­මැති ලෙස මෙය තමාගේ 4 වැනි ශ්‍රී ලංකා සංචා­රය බවත් සිහි­පත් ක‍ළේය.

ජන­තාව‌ගේ නිර්භී­ත­භා­වය හා ධෛර්යය පිළි­බ­ඳව තමා දැන සිටි හෙයින් ශ්‍රී ලංකාව වඩා ශක්ති­මත්ව යළි ගොඩ­නැ­ඟෙනු ඇතැයි කියා තමා විශ්වාස කළ බවත් එහිදී ඉන්දි­යානු අග්‍රා­මා­ත්‍ය­ව­රයා පැව­සීය. ශ්‍රී ලංකාව නැවත ප්‍රග­තියේ මාව­තට ප්‍රවිෂ්ට වී සිටිනු දැක තමා සතු­ටට පත්වන බව ද මෝදි මහතා පෙන්වා දුන්නේය. භාර­ත­යට සාඩ­ම්බ­ර­යට කාර­ණ­යක් වනුයේ ගෞර­වා­න්විත මිත්‍ර­ය­කුගේ ස්වරූ­ප­යෙන් ඉටු කළ­යුතු යුතු­කම ඉටු කිරී­මට හැකි­වීම බව ද, 2019 පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය, කොවිඩ් වසං­ග­තය සහ පසුව පැමිණි ආර්ථික අර්බු­දය යන සියලු අව­ස්ථා­වන්හි තම රජය ශ්‍රී ලංකා ජන­තාව සමඟ එකට එක්ව සිට කට­යුතු කළ බව ද ඉන්දි­යානු අග්‍රා­මා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය.

භාර­තයේ අස­ල්වැ­සියා පළමු ප්‍රති­ප­ත්තිය තුළ හා මහා­සා­ගර් දැක්ම තුළ ශ්‍රී ලංකා­වට විශේෂ ස්ථාන­යක් හිමි­වන බවත් පැවසූ මෝදි මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ඉන්දි­යානු සංචා­ර­යෙන් පසු පසු­ගිය මාස 4ක කාලයේ දෙරට අතර සහ­යෝ­ගි­තා­වයේ ඉහළ ප්‍රග­ති­යක් ඇතිවූ බව ද පැව­සීය. සාම්පූර් සූර්ය බලා­ගාර ව්‍යාපෘ­තියේ සිට ත්‍රිකු­ණා­ම­ලය බල­ශක්ති මධ්‍ය­ස්ථා­න­යක් ලෙස ස්ථාප­නය කිරීම දක්වා දෙරට අතර ඇතිවූ සහ­යෝ­ගි­තා­වල ප්‍රති­ලාභ ශ්‍රී ලංකාවේ සියලු ජන­තා­වට ලැබෙනු ඇතැයි ද ඉන්දි­යානු අග්‍රා­මා­ත්‍ය­ව­රයා මෙහිදී කියා සිටි­යේය.

අධි­වෝ­ල්ටීය ජාල සබ­ඳ­තාව පිළි­බඳ සහ­යෝ­ගී­තා­වෙන් ශ්‍රී ලංකා­වට විදු­ලිය අප­න­ය­නය කිරී­මට අව­ස්ථා­වක් උදා­වනු ඇති බව ද, ශ්‍රී ලංකාවේ ආග­මික ස්ථාන­වල සූර්ය පැනල 5000ක් ස්ථාප­නය කිරී­මට ලැබීම මහත් සතු­ටක් බව ද මෝදි මහතා පැව­සීය.

ශ්‍රී ලංකාවේ ඩිජි­ට­ල්ක­රණ ව්‍යාපෘ­ති­යට ද ඉන්දි­යාවේ සහාය ලබා­දෙන බව ද, ජන­තා­වගේ ආර්ථික හා සමා­ජ­යීය දියු­ණුව වෙනු­වෙන් ශ්‍රී ලංකා රුපි­යල් බිලි­යන 2.4ක ප්‍රදා­න­යක් ලබා­දී­ම­ටත් තමා කට­යුතු කළ බව ද පැවසූ ඉන්දි­යානු අග්‍රා­මා­ත්‍ය­ව­රයා, ගොවීන්ගේ යහ­පත උදෙසා ශ්‍රී ලංකාවේ විශා­ල­තම කෘෂි ගබඩා සංකී­ර්ණය ඉදි­කි­රී­මට ඉන්දි­යානු රජය සහාය ලබා දුන් බව ද පෙන්වා දුන්නේය.

නවී­ක­ර­ණය කළ මහව – ඕමන්ත දුම්රිය මාර්ගය මෙන්ම මහව – අනු­රා­ධ­පුර දුම්රිය සංඥා පද්ධ­තිය ජනතා අයි­ති­යට පත් කිරී­මට තමා සහ­භාගි වන බවත්, ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු සම්භ­ව­යක් ඇති දමිළ ජන­තාව වෙනු­වෙන් නිවාස 10,000ක් ඉදි­කි­රී­මට සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝ­ජ­නය කරන යොවුන් නාය­ක­යන් 700කට යහ­පා­ලන පුහුණු වැඩ­ස­ට­හන් සඳහා ඉන්දීය රජයේ සහාය ලබා දෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාජ්‍ය සංචා­රය අත­ර­තුර ඉහළ රාජ්‍ය ගෞරව සහි­තව හර­ස­රින් පිළි­ගැ­නීම ගැන ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඇතුළු රජ­යට සිය ස්තුතිය පුද කර සිටින බව ද මෝදි අග්‍රා­මා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT