Tuesday, April 8, 2025
Home » දඹුල්ල කෘෂි ගබඩා සංකී­ර්ණය විවෘත කිරීම සතු­ටක්

දඹුල්ල කෘෂි ගබඩා සංකී­ර්ණය විවෘත කිරීම සතු­ටක්

මන්ත්‍රී හර්ෂ ද සිල්වා

by damith
April 7, 2025 4:03 pm 0 comment

රන්මලී සෝම­සිරි

යහ­පා­ලන ආණ්ඩුව සමයේ ඉන්දීය රජයේ මුදල් ප්‍රදා­න­යක් සහි­තව ඉදි­කි­රීම් ඇරඹූ දඹුල්ල උෂ්ණ­ත්වය සහ තෙත­ම­නය පාලිත කෘෂි ගබඩා සංකී­ර්ණය විවෘත කිරීම සම්බ­න්ධ­යෙන් අවං­ක­වම සතුටු වන බව පාර්ලි­මේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පව­සයි.

“ප්‍රභා­ෂ්වර – ගොවි දිවියේ නව්‍ය හැර­වුම” නමින් යහ­පා­ලන ආණ්ඩු සම­යේදී මෙම ගබඩා සංකී­ර්ණයේ ඉදි­කි­රීම් ඇර­ඹුවේ ගොවීන්ගේ එළ­වළු සහ පල­තුරු අස්වැන්න අවශ්‍ය විට ගබඩා කර­මින් කළ­ම­නා­ක­ර­ණය කිරීම වෙනු­වෙන් මෙට්‍රික් ටොන් 5000ක ධාරි­තා­ව­යෙන් යුත් උෂ්ණ­ත්වය සහ තෙත­ම­නය පාලිත මෙරට පළමු කෘෂි ගබඩා සංකී­ර්ණය ලෙස බව ද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම ගබඩා සංකී­ර්ණය ඉදි­රි­යට රැගෙන යෑම සඳහා අවශ්‍ය ව්‍යාපා­රික සැල­සුම ද සකස් කර තිබූ නමුත් යහ­පා­ලන ආණ්ඩුව පරා­ජය වීම හේතු­වෙන් ව්‍යාපෘ­තිය අව­සන් කිරී­මට නොහැකි වූ බවත් පසුව බල­යට පැමිණි ආණ්ඩු­ව­ලට මෙම කෘෂි ගබඩා සංකී­ර්ණයේ ඉදි­කි­රීම් අව­සන් කිරීමේ සැබෑ වුව­ම­නා­වක් නොති­බිණි.

මෙම ශීතා­ගාර සංකී­ර්ණය විවිධ උෂ්ණත්ව සහ තෙත­මන මට්ට­ම්ව­ලින් යුත් කොටස් හය­කින් සම­න්විත අතර අස්වැන්න වැඩි කාල­යට සහන මිල­කට මෙම ශීතා­ගා­රයේ සිය අස්වැන්න ගබඩා කිරීමේ අව­ස්ථාව ගොවි ප්‍රජා­වට හිමි වන ලෙස සැක­සුණු මෙම ව්‍යාපෘ­තිය යථා­ර්ථ­යක් කිරී­මට වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි­වනු ඇතැයි ද ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT