ලංකා ධීවර සංස්ථාව 2020 සිට 2023 දක්වා මාළු අලෙවිසල් 49ක් ආරම්භ කර ඇති අතර, මෙහෙයුම් අකාර්යක්ෂමතාව හේතුවෙන් එම කාලයේදීම මාළු වෙළෙඳසල් 40ක් වසා දමා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ. නව වෙළෙඳසල් ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව සමීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඒ සඳහා අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කිරීමට කළමනාකරණය කටයුතු කර ඇති බවත්, ඒ අනුව පමණක් වෙළෙඳසල් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් කළමනාකාරීත්වය සඳහන් කර තිබේ. වෙළෙඳසල් ආරම්භ කිරීමට මත්තෙන් අදාළ ප්‍රදේශයේ මාළු අලෙවිය පිළිබඳ වෙළෙඳපොළ සමීක්ෂණයක් සිදු කර, වෙළෙඳසල් ආරම්භ කළ යුතු බව විගණනය නිර්දේශ කර ඇත.
ධීවර සංස්ථාව වසර තුනකදී ඇරඹූ මත්ස්‍ය අලෙවිසල් 49න් 40ක්ම වහලා
විගණන වාර්තාවකින් හෙළි වෙයි
by damith
April 7, 2025 4:00 pm
0 comment
රන්මලී සෝමසිරි
10