Home » නිල්වලා ලවණ බාධ­කයේ වාරි ගැටලු විස­ඳී­මට කෙටි කාලීන පිය­වර රැසක්

නිල්වලා ලවණ බාධ­කයේ වාරි ගැටලු විස­ඳී­මට කෙටි කාලීන පිය­වර රැසක්

by damith
April 7, 2025 4:03 pm 0 comment

උපාලි කරු­ණා­රත්න

නිල්වලා ගඟ හරහා ඉදි­කර ඇති ලවණ බාධ­කය හේතු­වෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලීන විස­ඳු­මක් දෙන තෙක් ප්‍රදේ­ශයේ වාරි ගැටලු විස­ඳී­මට කෙටි කාලීන පිය­වර රැසක් යෝජනා වී ඇත.

ඒ පිළි­බ­ඳව පසු­ගි­යදා ජනා­ධි­පති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා සහ මේ ගැට­ලුව හා සම්බන්ධ සිය­ලුම අමා­ත්‍යාංශ සහ ආය­ත­න­වල නිල­ධා­රීන් අතර ජනා­ධි­පති කාර්යා­ලයේ පැවැති සාක­ච්ඡා­වේදී මේ යෝජනා කඩි­න­මින් ක්‍රියා­වට නැංවී­මට එක­ඟ­තාව පළ කෙරිණි.

ඒ අනුව ලවණ බාධ­කය ඉදි­කි­රී­මේදී ඉවත් කළ පස් ගඟ අසල ඉඩ­මක ගොඩ­ගසා ගංව­තුර සමයේ ජලය පහ­සු­වෙන් බැස යෑමට හැකි වන පරිදි ඉවත් කිරීම, ලවණ බාධ­කය දෙපස ඉදි­කර ඇති Sheet File බාධ­කයේ උස අඩු කර ජලය පහ­සු­වෙන් බැස යෑමට සැලැ­ස්වීම, ගඟ පතු­ලෙහි පිරී ඇති වැලි ඉවත් කිරීම, ජල මාර්ග අව­හිර වන සේ සැකසී ඇති බාධා ඉවත් කර පහ­සු­වෙන් ජලය බැස යෑමට හැකි වන පරිදි අතුරු ඇළ මාර්ග පිරි­සුදු කිරීම සහ කුඹු­රු­වල පිරෙන ජලය ඉවත් කිරී­මට ඉදි­කර ඇති ජල පොම්පා­ගාර නිසි පරිදි නඩත්තු කිරී­මට කට­යුතු කෙරෙනු ඇත.

එසේම මාතර හිත්තැ­ටිය, මැද රවුම් පාරේ ජීව­ත්වන ගම්වා­සීන්ගේ අතුරු මාර්ග, ඉඩම් සහ නිවාස වැසි කාල­යේදී ජල­යෙන් පිරී යෑමට හේතු වන කානු පද්ධ­තියේ ගැට­ලු­වට අදා­ළව ඉදි­රි­යේදී දිගු කාලීන විස­ඳු­මක් ගැනී­මට අපේ­ක්ෂා­වෙන්, ඉදි­රි­යේදී ඇති විය හැකි වැසි තත්ත්වය සලකා කෙටි කාලීන විස­ඳුම් කිහි­ප­යක් ද යෝජනා වී ඇත.

හිත්තැ­ටිය 1 කණුව සිට දහ­නා­යක මාර්ගය ඔස්සේ පැමි­ණෙන ජලය, රවුම් පාරෙහි කානු පද්ධ­තිය වෙත සම්බන්ධ කර ඇති කොටස ඉවත් කර එම ස්ථානයේ සිට නූපේ ඇළ දක්වා දහ­නා­යක මාර්ගය ඔස්සේ ජලය බැස යෑමට නව කානු පද්ධ­ති­යක් සකස් කිරීම සහ දැනට පව­තින කානු පද්ධ­තියේ ධාරි­තාව වැඩි­කොට සංව­ර්ධ­නය කිරී­මට ඒ අනුව කට­යුතු කෙරෙනු ඇත.

හිත්තැ­ටිය මැද රවුම් පාරෙහි ජලය ගලා බැසී­මට සකස් කර ඇති කානු පද්ධ­ති­යෙහි ධාරි­තාව වැඩි කර කානු පද්ධ­තිය තුළ සවි කර ඇති දුර­ක­තන රැහැන්, කානු ජලය බැස යෑමට බාධා­වක් නොවන පරිදි සුදුසු වෙනත් ස්ථාන­යක සවි කිරී­ම­ටත්, රවුම් පාරේ මැද කොටසේ සිට හන්ද­යා­වත්ත ප්‍රදේ­ශය හරහා පාදි­ලි­යා­වත්ත පාර ඔස්සේ නූපේ ඇළ දක්වා ජලය බැස යෑමට දැනට පව­තින කානු පද්ධ­තියේ ධාරි­තාව වැඩි කර අව­හි­රතා ඉවත් කර සකස් කිරී­ම­ටත් කට­යුතු කෙරෙනු ඇත. එමෙන්ම ඉඩම පිළි­බඳ අව­සන් ගම්සභා සිති­යම ගැනී­මෙන් අන­තු­රුව එම ඉඩම හරහා ස්වභා­වික ඇළ මාර්ගය තිබු­ණේද නැද්ද යන්න තීර­ණය කිරී­මට නිය­මි­තය.

මේ අතර නිල්වලා ගඟ හරහා ඉදි­කර ඇති ලවණ බාධ­කය හේතු­වෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලීන විස­ඳුම් දීමට පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් අධ්‍ය­ය­න­යක් සිදු කිරී­මට ආරම්භ කර ඇති ක්‍රියා­ව­ලිය යළි සමා­ලෝ­ච­න­යට ලක් කර සලකා බැලී­මට ද තීර­ණය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT