Monday, April 7, 2025
Home » තරු­ණිය වෛද්‍ය මණ්ඩ­ල­යක් හමු­වට
මීග­මුව රෝහලේ අත­වර සිද්ධිය:

තරු­ණිය වෛද්‍ය මණ්ඩ­ල­යක් හමු­වට

by damith
April 7, 2025 4:03 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

සමේ රෝග­ය­කට සහ දත් අමා­රු­ව­කට ප්‍රති­කාර ගැනී­මට මීග­මුව රෝහලේ බාහිර රෝගී අංශ­යට ගිය අව­ස්ථා­වේදී වෛද්‍ය­ව­ර­යකු විසින් ලිංගික අත­ව­ර­යට ලක් කළ බව කියන තරු­ණිය වෛද්‍ය මණ්ඩ­ල­යක් හමු­වට ඉදි­රි­පත් කර වාර්තා­වක් ලබා­ගැ­නී­මට මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් පොලී­සිය නියෝ­ග­යක් ලබා­ගෙන තිබේ.

ඇයව පරීක්ෂා කළ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා විසින් ඇයට ලිංගික අත­ව­ර­යක් සිදුව නැති බවට ලබාදී ඇති වාර්තාව සම්බ­න්ධ­යෙන් ඇය සෑහී­ම­කට පත් නොවීම හේතු­වෙන් වෛද්‍ය මණ්ඩ­ල­යක් හමු­වට ඇය ඉදි­රි­පත් කිරීම සඳහා අධි­ක­රණ නියෝ­ග­යක් ලබා­ගැ­නී­මට සිදුවූ බව මීග­මුව සහ­කාර පොලිස් අධි­කාරී ගාමිණි රත්නා­යක මහතා සඳ­හන් කළේය.

අවු­රුදු 19ක් වන මෙම තරු­ණිය සමේ රෝග­යක් හේතු­වෙන් ප්‍රති­කාර ලබා ගැනී­මට මීග­මුව රෝහල වෙත ගොස් ඇත්තේ පසු­ගිය මාර්තු 31 වැනි­දාය. ඇය රෝහ­ලට ගොස් ඇත්තේ ඇයගේ මව සමඟ බව ද සඳ­හන්ය. සමේ රෝගය පරීක්ෂා කරන අත­ර­තුර වෛද්‍ය­ව­රයා ලිංගික අත­වර කළ බවට ඇය මීග­මුව පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත්තේ මීග­මුව මහ­රෝ­හලේ අධ්‍ය­ක්ෂ­ව­රයා මඟින් පසු­ගිය 2දාය.

මේ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට ද කරුණු වාර්තා­කර ඇත. පොලී­සිය ඒ අනුව අධි­ක­රණ වෛද්‍ය­ව­රයා හමු­වට ඉදි­රි­ප­ත්කර තිබේ. ඇය ප්‍රති­ක්ෂේ­ප­කර ඇත්තේ එම අධි­ක­රණ වෛද්‍ය වාර්තා­වය. ඇය පොලී­සි­යට පැමි­ණි­ලි­කර ඇති ආකා­ර­යට අනුව අත­ව­ර­යට ලක්ව ඇත්තේ රෝහල තුළ­දීය. වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව ඇය පොලී­සි­යට පැමි­ණිල්ල කළ දින සිට වෛද්‍ය­ව­ර­යාද සේව­යට වාර්තා­කර නැති බව පොලී­සිය සඳ­හන් කරයි. ප්‍රකා­ශ­යක් ලබා­දී­මට පැමි­ණෙන ලෙස වෛද්‍ය­ව­ර­යාට දැනු­ම්දීම් කිහි­ප­යක් කර ඇතත් ඔහු පොලී­සිය මඟ හැර සිටින බව මීග­මුව පොලී­සිය සඳ­හන් කරයි.

වෛද්‍ය­ව­රයා අවු­රුදු 47ක් වය­සැති මාර­විල පදිං­චි­ක­රු‍ෙ­වකි. මීග­මුව රෝහ­ලේදී 2007 වසරේ නොවැ­ම්බර් 12 දින වෛද්‍ය­ව­ර­යෙක් විසින් රෝගී තරු­ණි­යක් දූෂ­ණය කර රෝහල් ගොඩ­නැ­ඟි­ල්ලෙහි 06 වැනි මහලේ සිට බිමට දමා ඝාත­නය කර තිබිණි. සීමා­වා­සික වෛද්‍ය­ව­ර‍ෙ­යක් වූ එම වෛද්‍ය­ව­රයා විසින් එසේ දූෂ­ණය කර මරා දැමුවේ මොන­රා­ගල දඹ­ගල්ලේ පදිං­චි­කා­රි­යක් වූ 22 හැවි­රිදි වියැති ඇඟ­ලුම් කම්හල් සේවි­කා­වකි.

එම වෛද්‍ය­ව­ර­යාට එරෙ­හිව වසර 07ක් තිස්සේ පැවැති නඩු විභා­ග­ය­කින් අන­තු­රුව මීග­මුව මහා­ධි­ක­ර­ණය විසින් මරණ දඬු­වම නියම කරනු ලබන්නේ 2014 වසරේ සැප්තැ­ම්බර් 03 වැනි­දාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT