Tuesday, April 8, 2025
Home » මර්වින් සිල්වාගේ හිටපු ලේකම් සිංග­ප්පූරු සරත් අත්අ­ඩං­ගු­වට

මර්වින් සිල්වාගේ හිටපු ලේකම් සිංග­ප්පූරු සරත් අත්අ­ඩං­ගු­වට

by damith
April 7, 2025 8:20 am 0 comment

මල්වාන සමූහ - මහා­නාම විතා­නගේ

කිරි­බ­ත්ගොඩ නග­රයේ තිබූ ඉඩ­ම­කට කූට ලේඛන සකස් කිරීම සම්බ­න්ධව අත්අඩං­ගු­වට ගැනී­මට සොය­මින් සිටි සැක­ක­රු­වකු වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහ­තාගේ පාර්ලි­මේන්තු කට­යුතු ලේකම් දොන් සරත් කුමාර එදි­රි­සිංහ නොහොත් ‘සිංග­ප්පූරු සරත්’ නමැත්තා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් ඉකුත් සිකු­රාදා (04 වැනිදා) පෙර­ව­රුවේ කිරි­බ­ත්ගොඩ ප්‍රදේ­ශයේ පිහිටි ඔහුගේ නිව­සේදී අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

මොහු එදි­නම පස්ව­රුවේ මහර වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් වසන්ත රාම­නා­යක මහතා හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියම කර ඇත. මේ වන­විට එම නඩුව සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගත් හිටපු ඇමැති මර්වින් සිල්වා, කැල­ණිය ප්‍රාදේ­ශීය සභාවේ හිටපු උප සභා­පති වෛද්‍ය ජයන්ත සිංහ­බාහු කබ්රාල් හා නවීන් වීර­කෝන් යන තිදෙනා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින අතර හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණ­වීර හා කැල­ණිය ප්‍රාදේ­ශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන දෙදෙනා තවම සැඟවී සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT