Monday, April 7, 2025
Home » වැලි­කඩ පොලිස් අත්අ­ඩං­ගුවේ දී මිය­ගිය සත්සර ගැන වැඩ­බ­ලන පොලි­ස්පති නියෝ­ග­යෙන් CIDය විම­ර්ශ­න­ අර­ඹයි

වැලි­කඩ පොලිස් අත්අ­ඩං­ගුවේ දී මිය­ගිය සත්සර ගැන වැඩ­බ­ලන පොලි­ස්පති නියෝ­ග­යෙන් CIDය විම­ර්ශ­න­ අර­ඹයි

by damith
April 7, 2025 4:05 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

වැලි­කඩ පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි තරු­ණ­යකු සැක කට­යුතු ලෙස මිය යෑම සම්බ­න්ධ­යෙන් වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ නියෝ­ග­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

බදුල්ල මීග­හ­කි­වුලේ පදිංචි සත්සර නිමේෂ් නමැති 25 හැවි­රිදි වියේ පසු­වන තරු­ණයා සැක­ක­ට­යුතු ලෙස මිය­ගොස් ඇත්තේ පසු­ගිය 01 වැනිදා වැලි­කඩ පොලී­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රු­වය. වැලි­කඩ පොලිස් වසමේ නාවල ප්‍රදේ­ශයේ නිවෙ­ස­කට ඇතුළු වී සිටි­යදී මෙම තරු­ණයා වැලි­කඩ පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ නිවැ­සි­යන් සහ ප්‍රදේ­ශ­වා­සීන් කළ දැනු­ම්දී­ම­කට අනුව බව පොලිස් මාධ්‍ය කොට්ඨා­සය සඳ­හන් කරයි.

පොලිස් ස්ථාන­යට රැගෙන ආ පසු මෙම තරු­ණයා කල­හා­කාරී ලෙස හැසි­රීම හේතු­වෙන් ඔහුව මුල්ලේ­රි­යාව රෝහ­ලට ඇතු­ළත් කිරී­මට කට­යුතු කළ බව පොලී­සිය සඳ­හන් කරයි. එසේ රෝහල් ගත කළ තරු­ණයා පසු­ගිය 02 වැනිදා මිය­ගොස් ඇත. පොලී­සිය සඳ­හන් කරනු ලබන්නේ ඔහු මාන­සික රෝගී තත්ත්ව­ය­කින් පෙළුණු බැවින් මුල්ලේ­රි­යාව රෝහ­ලට ඇතු­ළත් කිරී­මට පිය­වර ගත් බවය.

සිර­කරු අයි­ති­වා­සි­කම් සුරැ­කීමේ කමි­ටුවේ විධා­යක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා මහතා සඳ­හන් කරනු ලබන්නේ මෙම තරු­ණයා පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී විවිධ වධ­හිං­සා­ව­ලට ලක්වූ බව ඔහුගේ මවගේ සහ අනෙ­කුත් තොර­තුරු අනුව හෙළි­ද­රව් වන බවය. මව පොලී­සි­යට පැමි­ණෙන විට එත­කොට ශරී­රය රෝහ­ලට අරන් ගිහින් ඉව­රයි. තව­දු­ර­ටත් සොයා බැලී­මේදී ඒ තරු­ණයා ඇඳ­ගෙන හිටිය ඇඳුම පවා පොලී­සිය හංගලා. ඩෙනිම කුණු කූඩ­ය­කට දාලා. ඒ තරු­ණයා භාවිත කළ දුර­ක­ත­නය විනාශ කරන්න කට­යුතු කරලා තියෙ­නවා. මේ සෑම සිද්ධි­ය­කින්ම තේරෙන්නේ, යම් දෙයක් හංගන්න උත්සහ කරපු බවයි. සිය­දිවි නසා­ගැ­නී­මක් කියලා තමා පොලී­සිය අම්මාට කියලා තියෙන්නේ, යැයිද සේනක පෙරේරා මහතා සඳ­හන් කරයි.

මෙසේ මිය­ගොස් ඇති තරු­ණයා මෙම සිදු වීමට මුහුණ දී ඇතැයි පැව­සෙන්නේ බෝඩි­මක් සොයා යමින් සිටි­යදී බව සඳ­හන්ය. මෙම තරු­ණ­යාව ත්‍රීවීල් රථ­ය­කින් පිරි­සක් හඹා­විත් ඇති බවත් එහිදී ආර­ක්ෂා­වට නිවෙ­ස­කට රිංගා ඇති බව­ටත් විවිධ කථා­බහ පවතී. එම අව­ස්ථා­වේදී නිවැ­සි­යන් මෙම තරු­ණයා සොරෙක් යැයි සිතා අල්ලා පොලී­සි­යට භාරදී ඇති බව පොලී­සිය පාර්ශ්ව­යෙන් කිය වෙන්නේය. පෞද්ග­ලික රැක බලා­ගැ­නීම පිළි­බඳ පාඨ­මා­ලා­වක් කොළඹ හදා­ර­මින් සිටි මෙම තරු­ණයා සම්බ­න්ධ­යෙන් කිසිදු අප­රා­ධ­මය චෝද­නා­වක් නොමැති බවද මේ වන විට තහ­වුරු වී ඇත. මෙම තරු­ණයා පොලිස් ස්ථාන­යට රැගෙන ආ අව­ස්ථා­වේදී සිර මැදි­රියේ 16 දෙනකු සිට ඇති බවත් ඒ අය ඇතුළු 30 දෙනෙ­කු­ගෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ ලබා­ගෙන ඇති බවත් නුගේ­ගොඩ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මංගල දෙහි­දෙ­ණිය මහතා සඳ­හන් කළේය. ඒ කිසි­වෙ­කුත් පොලිස් පහ­ර­දී­මක් මෙම තරු­ණ­යාට සිදු වූ බව පව­සන්නේ නැතැයි ද මංගල දෙහි­දෙ­ණිය මහතා පැව­සීය. එහෙත් මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් වැලි­කඩ පොලී­සියේ වග­කි­ව­යුතු නිල­ධා­රීන් කට­යුතු කර ඇති ආකා­රය ගැන ගැට­ලු­වක් පව­තින බවත් එම නිල­ධා­රීන්ට එරෙ­හිව පිය­වර ගන්නා බවත් මංගල දෙහි­දෙ­ණිය මහතා පැව­සීය.

මෙම තරු­ණයා පොලිස් ස්ථාන­යට රැගෙන ඒමෙන් පසු නොස­න්සුන් ලෙස හැසිරී ඇති බව වැලි­කඩ පොලී­සිය සඳ­හන් කරයි. ඔහු බිත්ති­වල හැප්පෙ­මින් බිම පෙර­ලෙ­මින් නොස­න්සුන්ව හැසු­රුණු බවත් ඒ හේතුව නිසා මුල්ලේ­රි­යාව රෝහ­ලට රැගෙන ගොස් ඇතු­ළත් කිරී­මට පිය­වර ගත් බවත් පොලී­සිය සඳ­හන් කරයි. මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා නීතිඥ සංග­ම­යද පෙරේදා (05) දැඩි කන­ස්සල්ල පළ කර­මින් නිවේ­ද­න­යක් නිකුත් කරනු ලැබීය. වැලි­කඩ පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී මෙසේ සැක කට­යුතු ලෙස මිය­ගිය පළමු පුද්ග­ලයා මෙම තරු­ණයා පම­ණක් නොව. ප්‍රබල සම්බ­න්ධ­කම් ඇති ප්‍රසිද්ධ කාන්තා­ව­කගේ නිවෙසේ සිදු වූ රන් භාණ්ඩ සොර­ක­මක් සම්බ­න්ධ­යෙන් වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් නිවෙසේ මෙහෙ­කා­රි­යද 2023 වසරේ මැයි මාස­යේදී ඝාත­නය වන්නේ වැලි­කඩ පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී පොලිස් පහ­ර­දී­ම­කිනි.

පොලිස් පහ­ර­දී­මෙන් පසු ඇගේ සිරුර කොළඹ ජාතික රෝහ­ලට රැගෙන ගොස් භාර­දෙනු ලබන්නේ මහ­මඟ වැටී සිටි­යදී හමුවූ කාන්තා­වක් පොලී­සිය භාර දෙන ආකා­ර­යෙනි. එම කාන්තා­වත් බදුල්ලේ තැනැ­ත්ති­යක් වන අතර ඇය දෙමෝ­දර පදිං­චි­කා­රි­යක වූවාය. වැලි­කඩ පොලී­සිය තුළදී ඇයට පොලී­සියේ නිල­ධා­රීන් අමා­නු­ෂික ලෙස පහ­රදී ඝාත­නය යට­පත් කිරී­මට එකල දේශ­පා­ලන බල අධි­කා­රි­යද දැඩි වෙහෙ­සක් ගනු ලැබීය. සමාජ විරෝ­ධය හමුවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට විම­ර්ශන භාර දෙනු ලැබී­මත් සමඟ පොලිස් පහ­ර­දී­ම­කින් එම මර­ණය සිදු වූ බව තහ­වුරු කරනු ලැබීය.

පොලිස් විශේෂ විම­ර්ශන ඒක­ක­යද ඒ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කරනු ලැබූ අතර එහිදී අනා­ව­ර­ණය වූයේ වැලි­කඩ පොලී­සියේ නිල­ධා­රීන් එම කාන්තා­වට එසේ අමා­නු­ෂික ලෙස පහර දෙමින් මිලේච්ච ලෙස හැසිරී ඇත්තේ දේශ­පා­ලන වශ­යෙන් ඔවුන්ට එල්ලවූ පීඩ­නය හේතු­වෙන් බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT