නිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කඳපොල පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 8කට අධික මුදලක් ලබාගෙන එම මුදල වසර 22ක් තිස්සේ ලබා නොදුන් පොලිස් කොස්තාපල්වරියක් කඳපොල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හැටන් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත මේ කොස්තාපල්වරිය හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මේ නිලධාරිනිය සිය සැමියා සමඟ නිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමක් ඇතැයි සඳහන් කරමින් රුපියල් 866,000ක මුදලක් ලබාගෙන ඇත්තේ 2003 වසරේදීය.
එකී මුදල නැවත ලබානොදී වසර 22ක් තිස්සේ මඟ හැරීම ගැන මුදල් ලබාදුන් පුද්ගලයා විසින් කඳපොල පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව මේ නිලධාරිනිය අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් ලබාගෙන කළ මේ වංචාව සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කිරීමටද හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පෙරේදා (05) පියවර ගෙන තිබුණි.