පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ කොල්ලය පෙරේදා (05) දහවල් 12.00ත් සවස 1.00ත් අතර කාලයේ අතුරුගිරිය පොලිස් වසමේ බොරළුගොඩ ප්‍රදේශයේදී සිදුව ඇත. කොන්ත්‍රාත්කරුවෙක් වන මේ අපේක්ෂකයා නිවෙසේ රැඳී සිටියදී එහි පැමිණි දෙදෙනෙක් බුද්ධි අංශයේ බව සඳහන් කර ඇති බව අතුරුගිරිය පොලීසිය සඳහන් කරයි.
ආණ්ඩුවට විරුද්ධව සමාජ මාධ්‍යවල පෝස්ට් දමන බව නිරීක්ෂණය වී ඇතැයි සඳහන් කරමින් අපේක්ෂකයා බිය ගැන්වීමට මේ පුද්ගලයන් දෙදෙනා මුලින්ම කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරුව අපේකෂකයාගේ ජංගම දුරකතන දෙක පරීක්ෂා කිරීමට බව සඳහන් කරමින් ඒවා අතට ගෙන අනතුරුව ගිනි අවියක් වැනි යමක් පෙන්වා රුපියල් 180,000ක මුදලක් ද කොල්ලකා පලා ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අපේකෂකයා විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කර ඇති පොලීසිය ප්‍රදේශයේ නිවෙස්වල ඇති ආරක්ෂක කැමරා පරීක්ෂාවක් ද මේ වන විට සිදු කරමින් පවතී.