දකුණු කොරියාවේ විපක්ෂය ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් දෝෂාභියෝගය තහවුරු කරමින් එරට ඉහළම අධිකරණය වන ව්‍යවස්ථාදායක අධිකරණය යූන් සුක් යෝල් ජනාධිපතිධුරයෙන් නෙරපා හැරිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය දෙසැම්බරයේදී එරට යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය සම්මත වීමෙන් පසු යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීම හෝ බලතල නැවත පැවරීම හෝ තීරණය කිරීමට ව්‍යවස්ථාදායක අධිකරණයට දින 180ක කාලයක් හිමිවී තිබූ අතර, ඒ අනුව විනිසුරුවරුන් අටදෙනකුගෙන් සමන්විත එරට ව්‍යවස්ථාදායක අධිකරණය යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් යූන් සුක් යෝල් ජනතා විශ්වාසය ඉතා බරපතළ ලෙස පාවාදී ඇතැයි කියමින් ඔහු ජනපති ධුරයෙන් නෙරපා හැරීමට ඒකමතිකව තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ධුරයෙන් නෙරපා හැරිය බව අධිකරණය ප්‍රකාශ කිරීමෙන් පසු යූන් සුක් යෝල් ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගිය බව ද වාර්තා වේ.
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම දින 60ක් ඇතුළත සිදු කළ යුතුව තිබේ. ඒ අනුව වසර 2027 මාර්තු මස 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ලබන ජූනි මස 3 වැනිදාට පෙර පැවැත්වීමට සිදුවී ඇතැයි වාර්තා වේ.