Tuesday, April 8, 2025
Home » දකුණු කොරි­යාවේ අධි­ක­ර­ණය ජන­පති නෙර­පයි

දකුණු කොරි­යාවේ අධි­ක­ර­ණය ජන­පති නෙර­පයි

දින 60ක් ඇතු­ළත යළි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක්

by damith
April 7, 2025 4:02 pm 0 comment

දකුණු කොරි­යාවේ විප­ක්ෂය ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව පාර්ලි­මේ­න්තු­වේදී සම්මත කර­ගත් දෝෂා­භි­යෝ­ගය තහ­වුරු කර­මින් එරට ඉහ­ළම අධි­ක­ර­ණය වන ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණය යූන් සුක් යෝල් ජනා­ධි­ප­ති­ධු­ර­යෙන් නෙරපා හැරිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය දෙසැ­ම්බ­ර­යේදී එරට යුද නීතිය ප්‍රකා­ශ­යට පත් කිරී­මට එරෙ­හිව විප­ක්ෂය විසින් පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ දෝෂා­භි­යෝ­ගය සම්මත වීමෙන් පසු යූන් සුක් යෝල් ජනා­ධි­පති ධුර­යෙන් නෙරපා හැරීම හෝ බල­තල නැවත පැව­රීම හෝ තීර­ණය කිරී­මට ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණ­යට දින 180ක කාල­යක් හිමිවී තිබූ අතර, ඒ අනුව විනි­සු­රු­ව­රුන් අට­දෙ­න­කු­ගෙන් සම­න්විත එරට ව්‍යව­ස්ථා­දා­යක අධි­ක­ර­ණය යුද නීතිය ප්‍රකා­ශ­යට පත් කිරී­මෙන් යූන් සුක් යෝල් ජනතා විශ්වා­සය ඉතා බර­ප­තළ ලෙස පාවාදී ඇතැයි කිය­මින් ඔහු ජන­ප­ති­ ධු­ර­යෙන් නෙරපා හැරී­මට ඒක­ම­ති­කව තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.වහාම ක්‍රියා­ත්මක වන පරිදි ජනා­ධි­ප­ති­ ධු­ර­යෙන් නෙරපා හැරිය බව අධි­ක­ර­ණය ප්‍රකාශ කිරී­මෙන් පසු යූන් සුක් යෝල් ජනා­ධි­පති මන්දි­ර­යෙන් ඉවත්ව ගිය බව ද වාර්තා වේ.

එරට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව නව ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර­ගැ­නීම දින 60ක් ඇතු­ළත සිදු කළ යුතුව තිබේ. ඒ අනුව වසර 2027 මාර්තු මස 3 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ දකුණු කොරි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ලබන ජූනි මස 3 වැනි­දාට පෙර පැවැ­ත්වී­මට සිදුවී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT