Tuesday, April 8, 2025
Home » ට්‍රම්ප්ට එරෙ­හිව අමෙ­රි­කාවේ විරෝ­ධතා

ට්‍රම්ප්ට එරෙ­හිව අමෙ­රි­කාවේ විරෝ­ධතා

සියලු ප්‍රාන්තවලින් ජන­තාව වීදි බසිති

by damith
April 7, 2025 4:03 pm 0 comment

තීරු­බදු ඉහළ නැංවීම, රැකියා කප්පා­දුව හා දැවැන්ත සමූහ පිටු­ව­හල් කිරීම් ඇතු­ළුව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ පිය­වර රැස­කට එරෙ­හිව අමෙ­රි­කාවේ සියලු ප්‍රාන්ත­වල විරෝ­ධතා පැතිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනා­ධි­ප­ති­ව­රයා පම­ණක් නොව එලෝන් මස්ක් සහ රිප­බ්ලි­කන් පරි­පා­ල­නය ඉලක්ක කර­මින් පසු­ගිය සෙන­සු­රාදා පැවති එම විරෝ­ධ­තා­වට මිලි­යන ගණ­නා­වක අමෙ­රි­කා­නු­වන් සහ­භාගි වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව තනි දින­යක පැවති විශා­ල­තම විරෝ­ධ­තාව ලෙස ඉති­හා­ස­යට එක්වූ එම විරෝ­ධ­තා­වට ‘අත නොත­බනු‘ තේමාව යටතේ සහ­භාගි වූ ජන­තාව එම සටන් පාඨ ප්‍රද­ර්ශනය කර­මින් උද්ඝෝ­ෂ­ණය කළ බවත්, ඊට සම­ගා­මීව ලන්ඩන්, පැරිස්, බර්ලින් හා ෆ්‍රැන්ක්ෆර්ට් ඇතුළු ලොව පුරා තවත් රට­වල ප්‍රධාන නග­ර­ව­ලත් ට්‍රම්ප් විරෝධී උද්ඝෝ­ෂණ පැවති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. සිවිල් අයි­ති­වා­සි­කම් සංවි­ධාන, විද්ව­තුන්, කාන්තා අයි­ති­වා­සි­කම් පිළි­බඳ සංවි­ධාන, කම්කරු සංගම් සහ සංක්‍රාන්ති ලිංගික සංවි­ධාන ඇතුළු තවත් සංවි­ධාන රැසක් ඊට එක්වී සිටි බව ද වාර්තා වේ. වොෂි­න්ටන් ඩීසී, නිව්යෝර්ක්, ලොස් ඇන්ජ­ලීස්, චිකාගෝ හා බොස්ටන් ඇතුළු සියලු ප්‍රාන්ත­වල ජන­තාව විදි බැස උද්ඝෝ­ෂ­ණය කර­මින් ට්‍රම්ප් පරි­පා­ල­න­යෙන් ඉල්ලා ඇත්තේ පසු­ගිය ජන­වා­රියේ ජන­ප­ති­ ධු­ර­යට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දක්වා නිකුත් කළ සියලු විධා­යක නියෝග ඉවත් කර­ගන්නා ලෙස­ටය. ට්‍රම්ප් විසින් ගනු ලැබූ තීරණ හේතු­වෙන් අමෙ­රි­කානු ජන­තා­වට සහ එරට ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට දරුණු බල­පෑම් එල්ල වී ඇතැයි ද, ආර්ථික වශ­යෙන් එරට ජන­තාව දුෂ්ක­රතා රැස­කට මුහුණ දෙනු ඇතැයි ද විරෝ­ධ­තා­ක­රු­වන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ජන­ප­ති­ ධු­රයේ දිවු­රුම් දුන් පළමු දින­යේ­දීම ජෝ බයිඩ්න් පරි­පා­ල­නය යටතේ සිදු කළ විධා­යක ක්‍රියා­මාර්ග අව­ලංගු කර­මින් නව විධා­යක නියෝ­ග­ මා­ලා­වක් නිකුත් කිරී­මට පිය­වර ගෙන තිබූ අතර, ලෝක සෞඛ්‍ය සංවි­ධා­න­යෙන් හා පැරිස් ගිවි­සු­මෙන් ඉවත් වීම, ලිංගික සංක්‍රා­න්තිය තහ­නම් කිරීම, අන­ව­සර සංක්‍ර­ම­ණි­ක­යන් දහස් ගණ­නින් රටින් පිටු­ව­හල් කිරීම, ජන්ම පුර­වැ­සි­භා­වය අහිමි කිරී­මට නීති සැක­සීම, අමෙ­රි­කානු විදේ­ශා­ධාර අත්හි­ටු­වීම හා රාජ්‍ය සේව­ක­යන් කප්පාදු කිරීම ඇතුළු තවත් විධා­යක නියෝග ගණ­නා­වක් ජනතා විරෝ­ධ­යට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT