ආනයනික භාණ්ඩ සඳහා තීරු බදු නැංවීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගැනීමෙන් පසු එරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රකාශය නිකුත් වීමෙන් පසු දින තුනක් ඇතුළත ගෝලීය කොටස් වෙළෙඳපොළට ඩොලර් ට්‍රිලියන 5ක හානියක් සිදුවී ඇතැයි ආර්ථික විද්‍යාඥයන් විසින් සිදු කරනු ලැබූ විශ්ලේෂණයකින් හෙළිවූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පෙරේදා දිනයෙන් නිමාවට පත්වූ සතිය ඇතුළත අමෙරිකානු කොටස් වෙළෙඳපොළ 6% කින් බිඳ වැටුණු බවත්, එවැනි තත්ත්වයක් උද්ගත වුයේ කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අමෙරිකාවේ ප්‍රධාන කොටස් දර්ශක ත්‍රිත්වයම එම පසුබෑමට ලක්වී ඇති අතර, බ්‍රිතාන්‍යය හා ආසියානු කොටස් වෙළෙඳපොළට ද, ජර්මානු සහ ප්‍රංශ කොටස් වෙළෙඳපොළට ද එවැනිම ඉරණමකට මුහුණදීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.